සීදූවේ විහාරාධිපති ඝාතනය සම්බන්ධයෙන් සැකකාර භික්ෂුවක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

0
201

සීදූව, වෑත්තෑව, නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමට අදාළව එම විහාරස්ථානයේ වැඩ විසූ අනෙක් හිමි නම අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව පොලිසිය සඳහන් කළේ, එම හිමි නම 18 වන වියේ පසු වන බව ය.

එම හිමි නම අද (සැප්. 15) ඩුබායි බලා පිටත්ව යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසීය.

සීදූව, වෑත්තෑව, නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්, උන්වහන්සේ වැඩ සිටි කුටිය තුළ ම අපවත් වී සිටියදී ඊයේ (සැප්. 14) පස්වරුවේ සොයා ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, උන්වහන්සේගේ අපවත් වීම ඝාතනයක් බවට සැක කරන බව ය.

එලෙස අපවත් වී ඇත්තේ, 50 හැවිරිදි වියේ පසු වූ නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැඩගමුවේ මහානාම හිමි බව ඔහු පැවසීය.