හම්බන්තොට අලෙවි මණ්ඩල ශාඛා 3කට තවම වී ඇටයක්වත් ලැබී නෑ

0
23

වී අලෙවි මණ්ඩලයේ  අම්බලන්තොට වී ගබඩා සංකීර්ණයට  සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික්කයේ  ස්ථාපනය කර ඇති, වීරවිල, සීනිමුන්න සහ යෝධකණ්ඩිය වී මිලදී ගැනීමේ ගබඩා සඳහා මෙතෙක් වී මිලදී ගැනීමට ‘’ගොවියන්ගෙන් වී ලැබී නැතැයි වී අලෙවි මණ්ඩලයේ  හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකාර සුසන්ත ධර්මකීර්ති මහතා පැවැසීය.

  වලව ව්‍යාපාරය යටතේ අස්වද්දා  ඇති අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ කුඹුරුවල අස්වැන්න නෙළීමේ කටයුතු මෙතෙක් ආරම්භ වී නැති බවද සධහන් කළ සුසන්ත මහතා, මණ්ඩලයේ නියම කළ මිලට වැඩියෙන් පෞද්ගලික වෙළෙඳුන් වී මිලට ගැනීමේ තත්ත්වයක් පවතින නිසා වී අලෙවි මණ්ඩලයට වී විකිණීමට ගොවියන් උනන්දුවක් නොදක්වන බවද හෙතෙම පැවැසීය. රතු නාඩු වී වගාව ලංකාවෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් කරන බැවින් රතු නාඩු සඳහා  ඉහළ මිලක් ලැබෙන බවද   ඒ මහතා කීය.

මාවරල සේන