සීදුව නන්දාරාම විහාරාධිපති හිමිගේ මරණය අභිරහසක්

0
7

සීදුව, වෑත්තෑව නන්දාරාම විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර උන්වහන්සේ වැඩ සිටි කුටිය තුළම තිබිියදී ඊයේ (14දා) පස්වරුවේ සොයා ගත්තේ යැයි පොලිසිය පවසයි.

උන්වහන්සේගේ අපවත් වීම ඝාතනයක් බවට සැක කරන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව ‘මව්බිම’ට පැවැසීය.

අදාළ විහාරස්ථානයේ උන්වහන්සේ සහ තවත් වයස අවුරුදු 18ක හිමිනමක් වාසය කර ඇතැයි මේ දක්වා සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පන්සල දෙසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුව සීදුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී විහාරාධිපති හිමි වැඩ සිටින කුටිය අගුළු දමා ඇති බවටත් ඒ තුළින් දැඩි දුර්ගන්ධයක් හමන බවටත් පොලිස් නිලධාරීන් හ¾දුනාගෙන ඇතැයි තල්දුව මහතා පැවැසීය.

ඒ අනුව කුටියේ ‍ෙදාරගුළු කඩා ඒ තුළට ගොස් පරීක්ෂා කිරීමේදී විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර ඇඳ මත තිබී හමුවී ඇත.

උන්වහන්සේගේ මුහුණ නොපෙනෙන සේ රෙදිවලින් ඔතා සිරුර සිවුරුවලින් ආවරණය කර තිබී ඇතැයි එහිදී නිරීක්ෂණය වී ඇත.

දේහය ඉදිමී ඇති බවට නිරීක්ෂණය වී ඇති හෙයින් එම මරණය දින කිහිපයකට ඉහතදී සිදුවී ඇතැයි සැක කරන්නේ යැයිද මෙය ඝාතනයක් යැයි සැක කරන්නේ යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

විහාරස්ථානයේ වැඩ වාසය කළ අනෙක් හිමිනම පෙරේදාත් එහි වාසය කර තිබුණද මේ වන විට උන්වහන්සේ විහාරස්ථානයේ නොමැති බවට හ¾දුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

තාරක සම්මාන්