සිනෙත්ගෙන් ශතකයක් සමඟින් තුන් ඉරියව් දස්කම්

0
22

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගවලදී ශතකයක් සමගින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන සමත් විය.

මෙම තරගවලදී ශතක රැස් කිරීමට චමත් ගෝමස් (කොළඹ වෙස්ලි), තරිඳු අමරසිංහ (මොරටුව වේල්ස් කුමර), පවන් සංදේෂ් (රත්ගම දේවපතිරාජ), තරුෂ නෙත්සර (කොළඹ ඉසිපතන) යන ක්‍රීඩකයින් සමත් වූහ.

චමත් ගෝමස් ක¼දාන දි මැසිනෝද් විද්‍යාලයට එරෙහිව පන්දු 104කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 150ක් රැස් කළේය.

මොරටුව වේල්ස් කුමර _ කුරුණෑගල ශාන්ත ආනා

ශාන්ත ආනා: 195/9 (ආදිත්‍ය නිර්වාන් 67, ප්‍රින්ස් ප්‍රනාන්දු 28/3)

වේල්ස් කුමර: 198/3 (තරිඳු අමරසිංහ 101, රිවිත් ජයසූරිය 55, කළිඳු විජේසිංහ 39/2)

වේල්ස් කුමර විද්‍යාලයට කඩුලු 7ක ජයක්. 

කොළඹ ඉසිපතන _ මහනුවර ශාන්ත සිල්වෙස්තර

ඉසිපතන: 224 (තරුෂ නෙත්සර 104, තේමිය ගුණරත්න 39, කවීෂ චන්දිමාල් 24/2)

ශාන්ත සිල්වෙස්තර: 181 (සහන් දිසානායක 48, යෝෂිත ඉසුරංග 36, සිතුක ගුණවර්ධන 17/4)

ඉසිපතන විද්‍යාලයට ලකුණු 43ක ජයක්. 

කොළඹ වෙස්ලි – ක¼දාන දි මැසිනෝද්

වෙස්ලි: 294/8 (චමත් ගෝමස් 150, සිතුම් ප්‍රනාන්දු 50/3)

දි මැසිනෝද්: 218/9 (සංදේෂ් අබේකෝන් 36, මලීෂ මිහිරාන් 33, ෂකේෂ් මිනොන් 39/3)

වෙස්ලි විද්‍යාලයට ලකුණු 76ක ජයක්. 

කොළඹ රාජකීය _ කුරුණෑගල ශාන්ත ආනා

ශාන්ත ආනා: 180/7 (මහිම කොටුවිල 62, සිනෙත් ජයවර්ධන 22/4)

රාජකීය: 181/2 (සිනෙත් ජයවර්ධන නොදැවී 102, උවිඳු වීරසෙස්ක නොදැවී 53)

රාජකීය විද්‍යාලයට කඩුලු 8ක ජයක්. 

රත්ගම දේවපතිරාජ _ මහනුවර ධර්මරාජ

ධර්මරාජ: 157 (ඉසුරු පන්නල 54, මලීෂ රාජකරුණා නොදැවී 40, චාමින්ද සඳරුවන් 25/2)

දේවපතිරාජ: 158/5 (පවන් සංදේෂ් නොදැවී 101, නවීන් ජයවීර 20/2)

රත්ගම දේවපතිරාජ විද්‍යාලයට කඩුලු 5ක ජයක්. 

ගාල්ල මහින්ද – කොළඹ ලුම්බිණි

ලුම්බිණි: 152 (හරිත් ශාලක 25, තරුෂ ඩිල්ෂාන් 13/4, රන්මිණ හෙට්ටිආරච්චි 21/4)

ගාල්ල මහින්ද: 155/7 (හරීන් අචින්ත 33, දිනුර කළුපහන 25, සහන් කෞශල්‍ය 23/2)

මහින්ද විද්‍යාලයට කඩුලු 3ක ජයක්.     

යාපනය ශාන්ත ජෝන් _ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද

ශාන්ත ජෝන්: 144 (ඇන්ඩර්සන් සචින් 34, සිතුම් විහඟ 25/4)

ශ්‍රී දේවානන්ද: 99 (සිතුම් විහඟ 28, කංචන ද ලිවේරා 25, චමෝද් චන්දූප 20, ඇන්ටන් අභිකේ 24/3, යෝගදාස් විදූෂන් 25/3)

යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයට ලකුණු 45ක ජයක්.  

රද්දෙළුව ශ්‍රී ප්‍රඥානන්ද – කොළඹ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මවි

ශ්‍රී ප්‍රඥානන්ද: 293 (හරිත දිනේන්ද්‍ර 51, තරුෂ නවෝද්‍ය 28/4)

සී.ඩබ්ලිව්. කන්නංගර මවි: 235 (උදීප තිලක්ෂණ 50, දිනුක ආලෝක 41/3)

රද්දෙළුව ශ්‍රී ප්‍රඥානන්ද විද්‍යාලයට ලකුණු 58ක ජයක්. 

සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මවි _ කෑගලු විද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර මවි: 202/9 (පැතුම් ධනංජය 68, දස්සන ගම්ලත් 46/5)

කෑගලු විද්‍යාලය: 113 (දස්සන ගම්ලත් 50, හේෂාන් උදාර 21/4)

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට ලකුණු 89ක ජයක්.

මහරගම ජනාධිපති _ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මවි

ජෝන් කොතලාවල මවි: 126 (කසුන් මධුසංක 38, විහඟ පතිරණ 23/3)

ජනාධිපති: 127/5 (උදාන් පෙරේරා නොදැවී 55, භාග්‍ය ඉෂාන් 30/3)

ජනාධිපති විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

ගලහිටියාව මමවි _ පිළියන්දල මමවි

පිළියන්දල මමවි: 118 (නිළුෂ ප්‍රනාන්දු නොදැවී 31, සුභාෂ් ශාළුක 20/3)

 ගලහිටියාව මමවි: 120/6 (කවීෂ නෙත්සර 31, ගනිඳු විජේකෝන් 32/2)

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 4ක ජයක්. 

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය – මොණරාගල රාජකීය

ආනන්ද ශාස්ත්‍රාලය: 240/9 (නදිල් පෙරේරා 60, චමෝද් තීක්ෂණ 45/3)

රාජකීය: 186 (පන්දුවාර 44.5) (වත්සල අනුජය 51, නදීම් මජීඩ් 5/3)

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ලකුණු 54ක ජයක්.

ඉෂාන් රශ්මිත