සක්විති  රණසිංහට වසර 22ක සිරදඬුවම්

0
14

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට වැරැදිකරු වූ සක්විති රණසිංහට  වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එය වසර පහක කාලයකට අත්හිටුවීමට  ඊයේ (14දා) නියම කළේය.

සක්විති රණසිංහට එරෙහිව චෝදනා 11ක් ගොනුකර තිබූ අතර ඔහු කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ එම වැරැදි පිළිගත්තේය. 

ඒ අනුව විනිසුරු රණරාජා මහතා එක් චෝදනාවකට වසර දෙක බැගින් චෝදනා එකොළහට වසර 22ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර රුපියල් 275,000ක දඩයකට ද ඔහු යටත් කළේය.

මෙහි එක් චෝදනාවකට සක්විති රණසිංහ මහතාගේ බිරිය වරද පිළිගත් අතර ඇයටද වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට විනිසුරුවරයා නියෝග කළේය.

රුපියල් 25,000ක දඩයක්ද ඇයට නියම කළේය.

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 25,000 බැගින් දඩද ඒවා ගෙවීම පැහැර හැරියහොත් අමතරව මාස 6 බැගින් ලිහිල් සිරදඬුවම්ද විනිසුරු විසින් නියම කරනු ලැබිණි.

හංසි නානායක්කාර