වතු සේවක වැටුප් සේවා කොන්දේසි – යෝජනා ලංකා සේවක සම්මේලනයට

0
13

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප් හා සේවා කොන්දේසි තීරණය කෙරෙන සේව්‍ය හා සේවක දෙපාර්ශ්වය අස්සන් කරනු ලබන සාමුහික ගිවිසුම සඳහා වන යෝජනා ලංකා වතු සේවා සංගමය විසින් ලංකා සේව්‍ය සම්මේලනයට භාර දුන් බව ලංකා වතු සේවක සංගමය පවසයි.

එකී ගිවිසුමට මේ මස 30 වැනිදාට පෙර අස්සන් තැබිය යුතුව ඇති අතර ඔක්තෝබර් 01 දින සිට බලාත්මක වන බව ලංකා වතු සේවක සංගමයේ සභාපති වන්නිආරච්චි කොළඹදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙම යෝජනා ලබා දුන්නේ 2022 – 2025 තෙවසර සඳහා වන ගිවිසුම වෙනුවෙන් වන අතර සංගමයේ සාමාජිකයනගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද මෙම යෝජනාවලිය මඟිින් මේ මොහොතේ රට තුළ පවතින ජීවන තත්ත්වයට ගැළපෙන වැටුප් වැඩි වීමක් ඇතුළු වරප්‍රසාද හා කොන්දේසි යෝජනා කළ බවද වන්නිආරච්චි මහතා කීය.

මෙරට වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක එකම වෘත්තීය සමිතිය වන්නේ ලංකා වතු සේවා සංගමයයි. 

විනීතා එම්. ගමගේ