ලෝක කුසලානයට යන බංග්ලාදේශ සංචිතයෙන් හිටපු නායකයකු ඉවතට

0
186

එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා වන බංග්ලාදේශ සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් නිල වශයෙන් ඊයේ (14දා) නිවේදනය කර තිබිණි. 

ඒ අනුව ශකිබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්ව ඇති අතර හිටපු නායකයකු වන මහමුදුල්ලා මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම කැපී පෙනෙන සිදුවීමකි. එමෙන්ම අනාමුල් හක්, මොහොඩ් නයිම් හා මෙහෙදි හසන් ද මෙම සංචිතයෙන් ඉවත් කර තිබීමද විශේෂත්වයකි.

එම ක්‍රීඩකයන් වෙනුවට නස්මල් හුසේන්, ලිතන් දාස්, යසීර් අලී, නුරුල් හසන්, හසන් මහමුද් යන ක්‍රීඩකයන් බංග්ලාදේශ සංචිතය වෙත කැඳවීමට පියවර ගෙන ඇති බවද සඳහන්ය.

එසේම ශොරිෆුල් ඉස්ලාම්, රිෂාඩ් හුසේන්, මෙහෙදි හසන් සහ සවුම්්‍යය සර්කාර් මෙම සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙසින් නම් කර ඇත.

බංග්ලාදේශ සංචිතය – සකීබ් අල් හසන් (නායක), ශබිර් රෙහෙමාන්, මෙහෙදි හසන් මිරාස්, අෆිෆ් හුසේන්, මොසැදික් හුසේන්, ලිතන් දාස්, යසීර් අලී, නුරුල් හසන්, මුෂ්ටෆිසුර් රෙහෙමාන්, මොහොමඩ් ශයිෆුඩීන්, ටස්කින් අහම්ඩ්, එබ්දත් හුසේන්, හසන් මහමුද්, නජ්මුල් හුසේන්, නසුම් අහමඩ්.