යන බසයෙන් ළමයෙක් එළියට විසිවෙලා

0
14

පිටිගල සිට ඇල්පිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකින් විසිවී ඇල්පිටිය ආනන්ද විදුහලේ සිසුවකු බරපතළ තුවාල ලබා ඊයේ (14දා) ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය දුටු අය පැවැසුවේ මෙම බස් රිය වේගයෙන් පැමිණි බවත් එක්වරම පාපුරුවේ සිටි දරුවකු විසි වී ගොස් තාර පාර මතට වැටුණු බවත්ය. එමෙන්ම දරුවා එම රථයටම යට නොවී බේරී ඇත්තේ දෛවෝපගතව බව බස් රියේ මගීහු පැවැසූහ.

ප්‍රදේශවාසීහු එක්ව දරුවා වහාම ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළහ.

අම්බලන්ගොඩ – ධර්මදාස සිරිවර්ධන