මහේලට මුම්බායි ඉන්දියන්ස් පිලෙන් උසස්වීමක්

0
315

මුම්බායි ඉන්දියන්ස් පිලේ හිමිකාරීත්වය මගින් එහි ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනට උසස්වීමක් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී  ලංකා හිටපු නායක මහේල ජයවර්ධන එම්. අයි. සමූහයේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා ලෙස පත්කර තිබීම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් ඔහුව

ඉවත් කර තිබීම විශේෂත්වයකි. එහිදී එම්. අයි. සමූහයේ සමස්ත උපායමාර්ග සැලසුම් ඇතුළු ලොව පුරා ක්‍රිකට් මෙහෙයුම් සඳහා නායකත්වය සැපයීම, ඒකාබද්ධව ගෝලීය උසස් කාර්යසාධනය සහිත පරිසරයක් නිර්මාණය කිරීම, එක් එක් කණ්ඩායම්හි පුහුණු ව්‍යූහයන් නිර්මාණය කිරීම මෙන්ම සියලු කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරුවන් සමඟින් සමීපව කටයුතු කරමින් ස්ථාවර මෙන්ම වඩාත් ප්‍රබල ක්‍රිකට් සන්නාමයක් ගොඩනැඟීමේ වගකීම මෙහිදී මහේලට පවරා ඇති බව සඳහන්ය.

මුම්බායි ඉන්දියන්ස් පිලේ හිමිකාරත්වය මඟින් එම්.අයි. එමිරේට්ස්, එම්. අයි. කේප්ටවුන් ලෙස කණ්ඩායම් දෙකක් පිළිවෙළින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබීම මහේලට මෙම නව පත්වීම පිරිනැමීමට හේතුපාදක වී ඇති බවද දැක්වේ.