ප්‍රවීණ ගීත රචක ආනන්ද පද්මසිරි ආදාහනය සිකුරාදා

0
12

ප්‍රවීණ පුවත්පත් කතුවරයකු මෙන්ම ගීත රචකයකු වූ ආනන්ද පද්මසිරි මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 63 වැනි වියේ පසු වූ ඔහු වඩාත් ප්‍රකට වූයේ සිනමා පුවත්පත් කතුවරයකු ලෙසිනි. බන්දුල පද්මකුමාර මහතාගේ සංස්කරණයෙන් එළිදැක්වූ සරසි, සත්සර පුවත්පත්වලින් කලා ක්‍ෂේත්‍රයට අගනා සේවාවක් කළ ඔහු මෙරට කලාකරුවන් රැසකගේ මිත්‍රශීලී මාධ්‍යවේදියකු විය.

“ලොවේ සැමා, සිත සැනසුම දෙන්න සදා, සීතල හිම රටේ, නිල් තරුනෙත්, හිනැහේ, දේවදාර ගස් අතරින්, සාමේ ඉරේ රැස් දහරාවේ, ලෝකය බිහි වූ දවසේ ඉඳලා, දහසක් මල් පිපිලා, කොණ්ඩේ බැඳපු අපේ පුතා, රන් සමනල ජෝඩුව වාගේ ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු අතින් ලියැවිණි. නිවෙසේදී ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඔහුගේ මරණයට හේතු වී ඇත.

දේහය නො. 106/1 කීනවලවත්ත, ගල්ගමුව, වේයන්ගොඩ නිවෙසේ තැන්පත් කොට ඇත. අවසන් කටයුතු සැප්තැම්බර් 16 වැනි සිකුරාදා සවස 4.00ට මීරිගම, විල්වත්ත ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.  

සමන් ප්‍රියංකර නම්මුනිගේ