ක්‍රීඩාවට කොම්පැනි දාන සල්ලි බෝක්කුවකින් පොල් ලෙල්ලක් යනව වගේ

0
12

මෙරට ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ප්‍රධාන ව්‍යාපාර ආයතනවල සහයෝගය ක්‍රීඩාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ පැවැසීය. ප්‍රධාන ව්‍යාපාර ආයතනවලින් ආයතනය කැමැති එක් ක්‍රීඩාවක වගකීම භාරගන්නා ලෙසත්, ප්‍රධාන ව්‍යාපාර මෙහෙයවන ආයතනවලට එක් ක්‍රීඩාවක් සඳහා වැය කිරීමට සිදුවන මුදල බෝක්කුවක් තුළින් යන පොල් ලෙල්ලක් වගේ කුඩා දෙයක් බවත් ඇමැතිවරයා පවසා ඇත.

නවීන තාක්‍ෂණය සහිතව කොළඹ 07, ටොරින්ටන් ක්‍රීඩාගාරයෙහි උඩුමහලේ පිහිටුවූ අංග සම්පූර්ණ ශක්ති වර්ධන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මෙසේද පැවැසීය. ක්‍රීඩාවට වගකියන සියලු ආයතන ඒකරාශි වී අද (15දා) සාකච්ඡාවක් පවත්වා එකම මඟක යන ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට මුලපුරනවා. මෙරට ක්‍රිකට් කණ්ඩායම හා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාව ශ්‍රී  ලංකාවට හිමිකර දුන්නා.

ඕස්ට්‍රේලියානු තරග මාලාවේදී අධිෂ්ඨානශීලීව එක් ඉලක්කයක් තබාගෙන අපේ ක්‍රීඩකයන් ගමනක් ආවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ආසියානු කුසලානය අපේ රටට දිනා ගැනීමට එය උදව්වක් වුණා. එමෙන්ම දැල්පන්දු ආසියානු ශූරතා කුසලානය ශ්‍රී  ලංකාවට ගේන්න අපේ දැල්පන්දු කණ්ඩායම ලොකු කැපකිරීමක් කළා. පුහුණුකරුවන්, සංගමයේ නිලධාරීන්, විනිසුරුවන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් යන සියලු දෙනා මේ ජයග්‍රහණය පිටුපස සිටිනවා.

සඳුනි ගමාරච්චි