අවුරුදු 20න් පහළ බාලිකා තුන් පිම්ම ඉසව්වෙනුත් නව තරග වාර්තාවක්

0
25

රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැත්වෙන 90 වැනි ශ්‍රී මත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ජේ‍යෂ්ඨ තරගාවලියේ ඊයේ (14දා) දෙවැනි දිනය වන විට නව තරග වාර්තා 2ක් බිහිවීම කැපී පෙනිණි.

දියගමදී පැවැත්වෙන මෙම තරගාවලියේ ඊයේ දිනයේදී අවුරුදු 20න් පහළ බාලිකා තුන් පිම්ම ඉසව්වේදී ගම්පහ හෝලි කේ‍රාස් විදුහලේ එච්.ඒ.එන්.එන්. හෙට්ටිආරච්චි නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. ඒ අනුව ඇය විසින් මීටර් 12.79ක දුරක් සටහන් කරමින් මෙයට පෙර තිබූ මීටර් 12.50ක වාර්තාව බිඳ දමද්දී අවුරුදු 22න් පහළ බාලිකා මීටර් 400 ඉසව්ව වි. 1.05.15කදී අවසන් කිරීමට සුමන බාලිකා විදුහලේ ජී.ඩී.එස්.ඊ. පණ්ඩුකාට හැකි විය.

මේ අතර අවු. 18න් පහළ බාලක රිටි පැනීම ඉසව්වේදී මීගමුව මාරිස්ටෙලා විදුහලේ තුෂේන් සිල්වා මීටර් 4.40ක දුරක් සටහන් කිරීම ද විශේෂත්වයකි. අද තරගයේ තෙවැනි දිනයයි.