“දෙමළ දේශපාලන ගැටලුව ගැන ලංකා ආණ්ඩුවේ කැපවීම මදි”

1
118

දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රමාණවත් කැපවීමක් නොකිරීම ගැන සිය කනස්සල්ල පළ කරන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයේදී ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් දැක්වෙන මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කරමින් අර්ථවත් ගෝලීය සංවාදයක් පවත්වාගැනීමට රාජ්‍යයන්ට ඇති වගකීම ඉන්දියාව සැම විට ම විශ්වාස කරන්නේ යැයි ද පාන්ඩේ මහතා අවධාරණය කර තිබේ.

එසේ වුව ත්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර පළාත් සභාවලට බලය බෙදීමෙන් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් දීමෙහි ශ්‍රී ලංකා රජය සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර නැතැයි ඔහු කියා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවලට අදාළ ඡන්ද විමසීම්වලදී තුන්වරක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් ඉන්දියාව අවස්ථා දෙකකදී ඡන්දය දීමෙන් වැළැකී සිටියේ ය.

1 COMMENT

Comments are closed.