දමිතා රනිල්ගෙන් කළ විශේෂ ඉල්ලීම (VIDEO)

0
816

පාර්ලිමේන්තුව තුළ රට පාලනය කිරීමට සිටින සොරුන් ඉවත් කරන ලෙස ත් ඔවුන්ව ආරක්ෂ කිරීමට කටයුතු නොකරන ලෙස ත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කරයි.

අද (සැප්. 14) අධිකරණ වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා ය.

“පාර්ලිමේන්තුවේ මේ රට පාලනය කරන්න ඉන්න හොරු අයින් කරන්න. හොරු නැතුව පිරිසිදු මිනිස්සු එක්ක ගමනක් යන්න. ඔබතුමාට ඒ ගමන යන්න බැරි වුණොත් ජනාධිපතිතුමනි, ඔය හොරු ම තමා ඔබතුමාගේ ගමනත් වළක්වන්නේ, අද අපිව මර්දනය කරනවා වගේ ම.”

පවත්නා ක්‍රමවේදයට විරුද්ධ වෙමින් තමන් පාරට බැස විරෝධය පළ කළ බව ත් කිසිදු චෝදනාවකට තමන් වැරදිකරුවෙකු නොවන බව ත් ඇය ප්‍රකාශ කළා ය.

“මම ඇත්තට ම ඔය කියන කිසි ම චෝදනාවකටවත් වැරදිකරුවෙක් නොවන කෙනෙක්. මම පොලිසිය මිනිස්සුන්ගෙන් බේරගත්ත එක තමා කරේ. මම කවදාවත් පොලිසියට වචනයක් කියලා බනින්න කාටවත් ඉඩක් දුන්නෙත් නෑ. මම කිව්වා ඔය යුනිෆෝම් ඇතුළේ අපි වගේ ම මනුස්සයෙක් ඉන්නවා. ඔය යුනිෆෝම් එක ඇඳලා හිටියේ නැත්නම් ඔය මිනිස්සුත් අපිත් එක්ක හිටගන්නවා. ඒ නිසා ඔය මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ කියලා මම ඒ මිනිස්සුන්ව බේරගත්ත එක හැමතැනම කළේ. එහෙම බේරගත්ත මට, මගේ අම්මාගේ ඇස්වලින් ගිය කඳුළුවලට වන්දි ගෙවන්නම වෙනවා අනිවාර්යයෙන් ම. හුස්ම ගන්නකල් ෆයිට් කරනවා.”