SLT-MOBITEL වෙතින් ‘The Arena’: නවෝත්පාදනය හා තාක්ෂණය ජනතාවට සමීප කරන අත්දැකීම් කේන්ද්‍රයක්

0
44

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විස¾දුම් සම්පාදක SLT-MOBITEL, පසුගියදා ‘The Arena’ නමින් නවතම අත්දැකීම් මධ්‍යස්ථානයක් (Experience Centre) විවෘත කළේය. ඩිජිටල් පරිවර්තනය ඔස්සේ ජනතාවගේ ජීවන රටාවන් වඩාත් යහපත් කිරීමට උපකාරී වන පෙරළිකාරී නව තාක්ෂණයන් හා සේවාවන් ජනතාවට හ¾දුන්වාදීම මෙහි අරමුණයි.

කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) මෙම අත්දැකීම් මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරි ජානක අබේසිංහ සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරි චන්දික විතාරණ යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජේ‍යෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ.

 “වර්තමාන ඩිජිටල් යුගයේ, නිවාස මෙන්ම ව්‍යාපාර තුළ නව්‍ය විස¾දුම් භාවිත කළ හැකි ආකාරය ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍යයි. ‘The Arena’ මධ්‍යස්ථානය තුළදී අපගේ ගනුදෙනුකරුවන්ට සහ ව්‍යවසායකයන්ට තම ජීවන රටාවන් අලුතින් නිර්වචනය කරන විස¾දුම් සහ සේවාවන් අත්විඳීමට අවස්ථාව ලැබේවි. සුහුරු නවෝත්පාදන සහ නවීන තාක්ෂණය එකිනෙක මුසුවන මෙම මධ්‍යස්ථානය මෙරට තොරතුරු, සන්නිවේදන සහ දුරකථන සේවා කර්මාන්තයට පුරෝගාමී ආදර්ශයක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මෙම මධ්‍යස්ථානය තුළදී පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරවලටත් නවීනතම තාක්ෂණය මඟින් අත්විඳිය හැකි සුවිශේෂී ප්‍රතිලාභ පෙන්වාදීම සඳහා SLT-MOBITEL සහ BMICH එක්ව කටයුතු කරනු ඇත. ඩිජිටල් ජීවන රටා කලාප, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව ව්‍යාපාර ක්‍ෂේත්‍රය සඳහා වෙන් වූ කලාපයක් සහ විද්‍යුත් ක්‍රීඩා කලාපයක් ඇතුළු විවිධ කලාප මෙම මධ්‍යස්ථානය තුළ පිහිටුවා තිබේ. මේ ආකාරයට නවීන තාක්ෂණය මඟින් සමාජයට සිදුවන යහපත පෙන්වා දීම සඳහා මෙරට තුළ පිහිටුවන ලද ප්‍රථම මධ්‍යස්ථානය මෙය වන අතර Smart Home තාක්ෂණය, 5ට් අත්හදා බැලීම් සහ ස්මාර්ට් උපාංග ආදිය සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය දැක බලා ගැනීමට මෙහිදී ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.