DOC990 අනුරාධපුර කැනෝලා රෝහල සමඟ සහයෝගිතාවක් ඇති කර ගනී

0
27

 ඩයලොග් ආසිආටා පීඑල්සී බලගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා විස¾දුම් සම්පාදකයා වන Doc990 විසින් උතුරු මැද පළාතේ රෝගීන්ට සුවපහසු වෛද්‍ය චැනලින් සේවා අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් පසුගියදා අනුරාධපුර කැනෝලා රෝහල සමඟ සහයෝගිතාවයක් ඇතිකර ගන්නා ලදී.

 අලුතින්ම ඉදිකරන ලද කැනෝලා රෝහල උතුරු මැද පළාතේ විශාලතම පෞද්ගලික රෝහල වන අතර දයානුකම්පාව පෙරදැරි කරගත් විශිෂ්ට සුව සේවාවන් අන්තර්ජාතික මට්ටමේ වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූලව පහසු මිලකට සලසමින් මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් කිරීම අරමුණු කරයි.

මෙම රෝහල මඟින් බාහිර රෝගී සේවා, සාමාන්‍ය පරීක්ෂණ, රෝගීන් ඇතුළත් කරගැනීම, ශල්‍යකර්ම, දන්ත සේවා සහ දැඩි සත්කාර සේවාවන්ද සැපයෙන අතර අභ්‍යන්තර ඔසුසල් සේවාවක් සහ සියලු පහසුකම්වලින් සම්පූර්ණ රසායනාගාරයක් සමඟින් අතිනවීනතම පහසුකම්වලින් පරිපූර්ණයි. මෙම සහයෝගිත්වය තුළින් Doc990 සේවාව හා සබැඳි උතුරු මැද පළාතේ පාරිභෝගිකයන්ට කිසිදු අපහසුතාවකින් තොරව කැනෝලා රෝහල විසින් ලබාදෙන සේවාවන් රැසක් අතරින් තමන්ට අවශ්‍ය සේවාව හෝ සේවාවන් 990 ඩයල් කිරීමෙන්, www.doc.lk වෙත පිවිසීමෙන් හෝ Doc990 මොබයිල් ඇප් (ජංගම යෙදුම) එක හරහා ලබාගත හැකිවේ.

Digital Health Services (Pvt) Ltd මඟින් මෙහෙයවනු ලබන Doc990 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා විස¾දුම් සම්පාදකයා වන අතර, මෙම සේවාව සඳහා ලියාපදිංචි වන ග්‍රාහකයන්ට ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් පහසුකම් සලසනු ලබයි. 2016දී ආරම්භ කරන ලද Doc990 සේවාව ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහයට අයත් උප සමාගමක් වන අතර, www.doc.lk  990 (ඇමතීමෙන්) හෝ Doc990 ඇප්ප් ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ සිය පරිශීලකයන්ව දිවයින පුරා පිහිටි රෝහල් 140කට අධික සංඛ්‍යාවක සේවයේ නියුතු වෛද්‍යවරුන් 5,000කට වැඩි පිරිසක් සමඟ සම්බන්ධ කරයි.

මෙම සේවාවන් ඇන්ඩ් රොයිඩ් හෝ IOS ජංගම දුරකථන හරහා ලබාගත හැකය. Doc990 වෛද්‍ය සේවාවන් රැසක් සලසන අතර ඒ අතරට දිවයින පුරා පිහිටි රෝහල් තුළ රෝගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය චැනලින් සඳහා දින වෙන් කිරීම, ඩිජිටල් තාක්ෂණය හරහා වර්චුවල් ක්‍රමයට රෝගීන්ව සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හා සම්බන්ධ කිරීම, ප්‍රමිතියෙන් යුත් ඔෟෂධහල් සහ රසායනාගාර සේවා සමඟ සම්බන්ධ කිරීම වැනි සේවාවන් ඇතුළත් වේ. පාරිභෝගිකයන්ට නිවෙසේ සිටම ඒකාබද්ධ සෞඛ්‍ය සේවාවන් සලසා ගැනීමට පහසුකම් සැලසීම Doc990 සේවාවේ අරමුණයි.