DIMO Marine Solutions නවතම දික්ඕවිට යාත්‍රා සේවා මධ්‍යස්ථානය හරහා දේශීය ධීවර කර්මාන්තයට සේවා සැපයුම් අරඹයි

0
101

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය සමුද්‍ර ඉන්ජිනේරු අංශය හරහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තයේදී අති නවීන යාත්‍රා සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. එය DIMO සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි ගහනාත් පණ්ඩිතගේ මහතා විසින් මෑතකදී විවෘත කරනු ලැබීය.

DIMOහි විධායක අධ්‍යක්ෂ එමෙන්ම එහි සමුද්‍ර ඉන්ජිනේරු ව්‍යාපාර කටයුතු අධීක්ෂණය කරනු ලබන, විජිත බණ්ඩාර මහතා මේ පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය. “ශ්‍රී ලංකාවේ සමුද්‍ර ඉන්ජිනේරු කටයුතු නංවාලීම හරහා අපට ධීවර, සංචාරක හා නාවුක යන අංශවල නව මාවත් විවර වෙනවා. ඒ ක්‍ෂේත්‍රයන්හි නියැළෙන ජනතාවගේ සිහින සහ අභිලාෂ බලගැන්වීමට අපට අවස්ථාව ලැබෙනවා.

DIMO Marine Solutions හරහා Four Seasons Explorer හා Chevel Blanc Randheli වැනි ගෝලීය වශයෙන් සංචාරක ව්‍යාපාර කටයුතුවල නියුතු ආයතන වෙත සුඛෝපභෝගී රචජඩබ අලුත්වැඩියා කිරීමේ කටයුතු හරහා සේවා සැපයීම සිදුකරනවා. ඊට අමතරව නාවුක ක්‍ෂේත්‍රය හා සම්බන්ධ Sri Lanka Shipping හා ශ්‍රී ලංකා නාවික හමුදාව වැනි පාර්ශ්වයන්ටද සේවා සපයනු ලබනවා. දික්ඕවිටදී   ස්ථාපිත කළ අපගේ නව යාත්‍රා සේවා මධ්‍යස්ථානය හරහා ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ උන්නතිය උදෙසා ඉතා විශාල මෙහෙයක් කිරීමට අපට හැකි වෙනවා.”

නව දික්ඕවිට යාත්‍රා සේවා මධ්‍යස්ථානය   දේශීය එක් දින හා බහු දින ධීවර යාත්‍රා මෙන්ම විදේශීය ධීවර නෞකාවලටද සේවා සැපයීම සිදුකරනු ලබයි. එන්ජින් අලුත්වැඩියා, එන්ජින් ඕවහෝලින්, යාන්ත්‍රිකරණ කටයුතු හා පොම්ප, ඉන්ජෙක්ටර් හා රේඩියටර් අලුත්වැඩියා කටයුතුවලට අමතරව  මෙම සේවා මධ්‍යස්ථානය  හරහා කූලර්, හීටර්, හීට් එක්ස්චේන්ජර්, කන්ඩෙන්සර් මෙන්ම විදුලි හා හයිඩ්‍රොලික් ගියර් පද්ධති අලුත්වැඩියා කිරීම්ද මෙහිදී සිදුකරනු ලබයි.