Coca – Cola ශ්‍රී ලාංකිකයන් එකමුතු කරමින් “Real Magic” නිර්මාණය කරයි

0
20

Coca – Cola සමාගම විසින් ශ්‍රී ලාංකිකයන්ගේ මානව සම්බන්ධතා තුළ ඇති සැබෑ අපූර්වත්වය සරලව හා ධනාත්මකව ගොඩනැංවීම සඳහා කටයුතු කරනු ලබයි.

Covid – 19  වසංගතය ආරම්භයේ සිට ජන ජීවිතයේ සෑම අංශයක්ම බිඳ වැටී ඇති අතර මුළු ලෝකයම ක්‍රියාත්මක වන ආකාරය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. මෙම වසංගත තත්ත්වය මිනිසුන් දිගු කලක් වෙන් කර තබා ඇති අතර ඔවුන්ව ඔවුන්ගේ අත්‍යවශ්‍ය මානව සබඳතාවලින් අෑත්කොට නිවෙස්වල හුදෙකලා කර ඇත. වසංගතයෙන් පසුවද  ශ්‍රී ලංකාව  දුෂ්කරතා සහිත ආර්ථික අර්බුදකයට මුහුණදී සිටියි. කෙසේ වෙතත්, හද සසල කරවන තත්ත්වය වන්නේ මෙම අහිතකර තත්ත්වයද මින් පෙර කිසිදා නොදුටු අයුරින් ජනතාව එක්තැන් කර තිබීමයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Coca – Cola කළමනාකාර අධ්‍යක්ෂ පන්ජාබ් සින්හා ප්‍රකාශ කළේ Coke සමඟ ඔබේ ආහාරවේල භුක්ති විදීම වැනි ජීවිතයේ සරල අවස්ථාවන් සෑම විටම ඔබ මවිත කරවන බවයි. මිතුරන් සහ පවුලේ අය සමඟ ඔබේ ආහාර වේල අනුභව කිරීමට අසුන් ගැනීමෙන් ඔබට සෑම විටම මෙම අත්දැකීම වැඩිදියුණු කළ හැකි බවද ඔහු පැවැසුවේය. ඒ තුළින් මානව සම්බන්ධතාවල අපූර්වත්වය විඳගත හැකි බවත් මෙවැනි සරල එදිනෙදා අවස්ථා හරහා මිනිසුන් සම්බන්ධ කිරීම තුළින් මේ මොහොත තුළ ජීවත් වීමත් හා ඒ මොහොත හුවමාරු කර ගැනීමත් අපූර්ව අත්දැකීම් බවට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පොදු පදනමක් සොයා ගැනීමට සහ අපව නඟාසිටුවීමට උත්සාහ කරන විට ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වන්නේ මෙම සාමූහික අවස්ථාවන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.