ASTM ප්‍රමිතියෙන් යුත් ඉන්ධන සකසා ගැනීමට Eco Tablets වෙතින් පාරිභෝගිකයන්ට අවස්ථාව

0
17

ලොව පුරා සියලුම ඉන්ධන සම්බන්ධ කටයුතු ASTM ප්‍රමිතිවලට අනුව සිදු කරන අතර එය ගුවන් යානා ඉන්ධන, නාවික ඉන්ධන, ‍අභ්‍යවකාශ ඉන්ධන, පෙට්රල්, ඩීසල් හා සාමාන්‍ය ඉන්ධන සඳහාද අදාළ වෙයි.

ASTM තත්ත්ව සහතිකයෙන් හා නැනෝ තාක්ෂණයෙන් සමන්විත Eco Tablets නිසි මාත්‍රාවට සාමාන්‍ය ඉන්ධන සමඟ මිශ්‍ර කිරීමෙන් සාමාන්‍ය ඉන්ධන ASTM ප්‍රමිතියෙන් යුත් ඉන්ධනයක් බවට පත් කර වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කර වාහනයත් මුදලත් පරිසරයත් ආරක්ෂා කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ. බොර තෙල් නිස්සාරණයෙන් නිපදවන පෙට්රල් හා ඩීසල් මෝටර් රථවලට බහුලව යොදයි මෙම ක්‍රියාවලියේදී සුපිරි පෙට්රල් හා සුපිරි ඩීසල් නිපදවන්නේ නැත.

සාමාන්‍ය ඉන්ධනවලට පිටතින් එකතු කරන ඉන්ධන ආකලන (එන්සයිම Additives සහ Boosters& නිසා ඉන්ධනවල තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නංවමින් සාමාන්‍ය ඉන්ධන, සුපිරි ඉන්ධන හෝ  ප්‍රීමියර් ඉන්ධන බවට පත් කරයි.

උදාහරණයක් ලෙස පෙට්රල් නිස්සාරණය කළ පසු ඔක්ටේන් අගය 92 හෝ 95 ලෙස සැකසීමට ඔක්ටේන් බූස්ටර් ආකලනයක් නිසි මාත්‍රාවට අනුව මුසු කළ යුතුය. දියුණු රටවල් මෙම ක්‍රියාවලිය ASTM නිර්ණායකයන්ට අනුව සිදු කළත් අප වැනි රටවල් මෙම ආකලන මිලෙන් අධික නිසාත් ASTM නිර්ණායක පිළිබඳව පාරිභෝගිකයන්ට අවබෝධය නැති නිසාත් මෙම ආකලන එකතු කළත් නියමිත මාත්‍රාවට එකතු කිරීමට මැලිකමක් දක්වයි.  ASTM හා එම ක්‍රියාවලිය ගැන වැඩි විස්තර Auto Mobile ක්ෂේත්‍රයේ ඉන්ජිනේරුවන්ගෙන් හා විද්වතුන්ගෙන් පමණක් දැන ගත හැකිය.

ලෝකයේ මෝටර් රථ නිපදවීමේදී නිෂ්පාදකයා ASTM නිර්ණායක මත නිපදවූ ඉන්ධන ප්‍රමිතිය අපේක්ෂා කරයි. එන්ජිමේ අන්තර්දහන කුටියේදී මෙම ඉන්ධන පූර්ණ දහනය වීම එකී නිෂ්පාදකයා ඉන්ධන සම්බන්ධ අනුමත ප්‍රමිතියයි. පූර්ණ දහනයේදී වායු දූෂණය ^Exhaust Gas Emissions z& අවම වන අතර මෝටර් රථ නිෂ්පාදකයා අපේක්ෂිත උපරිම ඉන්ධන කාර්යක්ෂමතාව ^ර්ණීනබඪථභථ Engine Perfomance& ලබාගත හැකිය.