සෙලාන් බැංකුව KOKO සමඟ එක්වී පහසු ගෙවීමේ ක්‍රම සහ දීමනා එකතුවක් හඳූන්වා දෙයි

0
20

සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව ජනප්‍රිය මාර්ගගත ගෙවීම් යෙදවුමක්(Online payment) app වන KOKO සමඟ එක් වී අන්තර්ජාලය ඔස්සේ සහ අලෙවිසල්වලින් සිදුකරන මිලදී ගැනීම් සඳහා පහසු ගෙවීමේ ක්‍රම හ¾දුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ යටතේ සෙලාන් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකරන කාඩ්පත් හිමියන්ට විශේෂ වට්ටම් සමඟ මාස 3ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමද හිමිවනු ඇත.

KOKO යෙදවුම බාගත කර ගනුදෙනු කිරීම ආරම්භ කරන සෙලාන් කාඩ්පත් හිමියන්ට 2022 සැප්තැම්බර් 30 දින දක්වා විශේෂ දීමනාවක් හිමි වේ. මේ යටතේ ඔවුන්ට රු. 5000/ට වැඩි බිල්පත් සඳහා රු. 1000/ක උපරිමයකට යටත්ව 10%ක වට්ටමක් හිමිවනු ඇත. KOKO app මඟින් ලැබෙන ප්‍රධානතම වාසියක් වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් මෙන්ම ඩෙබිට් කාඩ්පත්ද භාවිත කළ හැකි වීමය. එමෙන්ම ගනුදෙනුවේ මුළු වටිනාකම පොලී රහිතව වාරික තුනකින් ගෙවිය හැකි වේ. KOKO හි ලියාපදිංචි වී සිටින අලෙවිසල් රාශියක් වෙතින් සෙලාන් කාඩ්පත් හිමියන්ට මාර්ගගත ක්‍රමයට මෙන්ම අලෙවිසල් තුළදීද තවත් අමතර ප්‍රතිලාභ රැසක්ද හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම එකඟතාව යටතේ Simplytek Life, Mobile, Fitness Islandl, Spa Ceylon සහ Catch Me වැනි අලෙවිසල් රැසක් මෙන්ම ප්‍රමුඛ පෙළේ ආපනශාලා වන Barista, Arthurs Pizza, Cafe Kumbuk, Acropol සහ English Cake factory ආදිය සඳහා KOKO app හරහා ගෙවීම් කිරීමට සෙලාන් කාඩ්පත් හිමියන්ට අවස්ථාව හිමි වේ. එමෙන්ම Mimosa, Nanotek Computers Supplement Factory, Beverly Street, Spring & Summer සහ Exclusive Lines වැනි අලෙවිසල් වෙතින්ද ඔවුන්ට දීමනා සහ පහසු ගෙවීමේ ක්‍රම හිමි වනු ඇත. ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ හෝටල් සහ සංචාරක සේවා සමාගම් රැසක්ද KOKO සමඟ එක්වනු ඇති අතර එවිට එම සමාගම්වල සේවාවන් සඳහාද සෙලාන් කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනා හිමි වේ.

“KOKO වැනි යෙදවුම් පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම වඩාත් පහසු හා තෘප්තිමත් අත්දැකීමක් බවට පත්කරනවා. ගමනාගමනය සීමා වී ඇති අද වැනි යුගයක අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට හැකි වීම කාටත් බෙහෙවින් ප්‍රයෝජනවත්. එමෙන්ම සෙලාන් කාඩ්පත් සහ KOKO අතර ඇතිකරගත් හවුල්කාරිත්වය නිසා තමන් මිලදී ගන්නා භාණ්ඩ සඳහා පහසු ගෙවීමේ ක්‍රම හිමි වීම පාරිභෝගිකයන්ට මේ මොහොතේ අතිශයින් වැදගත් වේවි. නවීන තාක්ෂණය ඔස්සේ ජනතාවගේ ජීවිත පහසු කළ හැකි ක්‍රම පිළිබඳව අප නිරන්තරයෙන් සොයා බලන අතර මෙවැනි හවුල්කාරිත්වයන්ට එළැඹීමට අප කටයුතු කරන්නේ ඒ නිසයි. KOKO සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය මඟින් සෙලාන් කාඩ්පත් හිමියන්ට ප්‍රතිලාභ රැසක් හිමි වේවි” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා පැවසීය.