විශිෂ්ටම ව්‍යාපාර වෙබ් අඩවියට හිමි විශිෂ්ටතා සම්මානය Phyxleසමාගමට

0
21

තොරතුරු තාක්ෂණ සහ වෙබ් අඩවි නිර්මාණයේ ප්‍රමුඛ සමාගමක් වන ෆික්සල් ඉන්ෆොටෙක් පෞද්ගලික සමාගම (Phyxle) ප්‍රමුඛතම ඩිජිටල් තාක්‍ෂණික සම්මාන උළෙලක් වන BestWeb.lk 2022 සම්මාන උළෙලේදී විශිෂ්ටම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙබ් අඩවියට හිමි විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. උත්කර්ෂවත් ලෙස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති සම්මාන උළෙලට සමාගම නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂවරුන් වන දුලාන්ත බාලසූරිය සහ එනිදු අලහප්පෙරුම සහභාගි වූහ.

නිර්මාණශීලීත්වය භාවිතයේ පහසුව සහ විශ්වසනීය තොරතුරු පදනම් කර ගෙන නිර්මාණය කර ඇති www.phyxle.lk වෙබ් අඩවිය නවොත්පාදී අයුරින් පාරිභෝගිකයන්ගේ නිරන්තර අවධානයට සහ පරිශීලනයට ලක් වී තිබීම මෙම සම්මානය දිනා ගැනීමට ප්‍රමුඛ හේතුවයි. එසේම Phyxle සමාගම සිය පාරිභෝගිකයකුට නිර්මාණය කළ www.serendibleisuretours.lk වෙබ් අඩවියට හොඳම සංචාරක වෙබ් අඩවියට හිමි විශිෂ්ටතා සම්මානයද හිමි විය.

“වෙබ් අඩවි නිර්මාණශීලීව සැකසීම අපේ සමාගමේ ප්‍රමුඛ කාර්යයක්. ඒ සඳහා අපට ඇති හැකියාව අපේ වෙබ් අඩවිය ඔස්සේම පෙන්වන්න ලැබීම විශාල ජයග්‍රහණයක්. වෙබ් අඩවි නිර්මාණයේ කලාව සහ තාක්ෂණය මනාව හ¾දුනාගෙන අප කටයුතු කරනවා. මෙම ජයග්‍රහණය උදෙසා නිරන්තර කැප වීමෙන් වැඩ කළ අපගේ කාර්ය මණ්ඩලයට මාගේ කෘතඥතාව පළ කරනවා” Phyxle සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දුලාන්ත බාලසූරිය මහතා පැවැසීය.

Phyxle සමාගම පසුගිය වසර කිහිපය තුළ රටවල් 12කට අධික සංඛ්‍යාවකට සහ ලාංකේය වෙළෙඳපොළ මුල් කරගෙන ප්‍රමුඛ සමාගම් රැසකට වෙබ් අඩවි නිර්මාණය කර ඇත. එක් එක් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මනාව හ¾දුනා ගනිමින් ඔවුන්ට ආවේණික වන වෙබ් අඩවි නිර්මාණය ඔවුන්ගේ සුවිශේෂත්වයයි. සුළු පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට බහු ජාතික සමාගමක අවශ්‍යතාව දක්වා වෙබ් අඩවි නිර්මාණයේ හැකියාව සහ පරිමාණය ඔවුන් සතුවේ. එසේම ඔවුන් ආයතන සඳහා වෙබ් යෙදවුම් පද්ධති ඇතුළු තවත් වෙබ් ආශ්‍රිත සේවා රැසක් හ¾දුන්වා දී තිබේ.