විපක්‍ෂයේ පිරිස් ජිනීවා ගොස් ඇත්තේ රටට එරෙහිවයි

0
14

සමගි ජන බලවේගය ඇතුළු විපක්‍ෂයේ පිරිසක් රටට එරෙහිව කටයුතු කිරීමට ජිනීවා සැසියට සහභාගි වී සිටින බවත්, එමඟින් බොරදියේ මාළු බාමින් ආණ්ඩුවේ බලය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවත් මේ තුළින් රණවිරුවන්ගේ ආත්ම ගරුත්වයට හානියක් වේනම් එය හෙළා දකිනා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ජගත් කුමාර මහතා මෙසේද කීවේය.

“වසර 13ට ආසන්න කාලයක් මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා රටේ නිදහස් සහ සිංහල දෙමළ සියලු ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදුන්නට පස්සේ ඒ යුද්ධයේ ඇතිවෙච්ච තත්ත්වයන් විකෘති කරලා ලෝකයේ හමුවේ කියලා යුද අපරාධ චෝදනා දිගින් දිගටම රටට එරෙහිව ඇති කරලා තිබුණා. අපි වසර ගණනාවක් කිව්වා රටට ජනතාවට හානියක් සිදුවුණේ නෑ කියලා.

මෙවරත් රටට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම කරුණු කියන කොට එහි කරුණු පැහැදිලි කරන්න අලි සබි්‍ර මැතිතුමාත්, විජයදාස රාජපක්‍ෂ මැතිතුමාත් ගිහින් තිබෙනවා. ඒ අනුව අපි එහෙන් ඉදිරිපත් කර යෝජනාව පිළිනොගෙන අපි මේ තත්ත්වය යම් තැනකට සාධාරණව ඉස්සරහට ගෙනිය්න අවශ්‍ය පියවර ගන්නවාත් එක්කම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්‍ෂා වෙන්න කටයුතු කරනවා. මේ රටේ යුද්ධය අවසන් කිරීමත් එක්ක මේ රටේ සියලුම ජාතීන්ට සමඟිව ඉන්න කටයුතු කරලා තිබෙනවා. ලෝකයේ කිසිම රටකට බැරි වුණා තමන්ගේ රටේ යුද්ධයක් වළක්වා ගන්න. මේ තත්ත්වය තුළ සමහර කාරණා, සිදුවීම් අරගෙන ජිනීවා මානව හිමිකම් කොමිසමට කේලම් කියන්න ගිහින් තිබෙනවා. විපක්‍ෂයේ අයට කියනවා රට ඇතුළේ බලය ගන්න ප්‍රජාතන්ත්‍රවාදී ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න. නමුත් රටට එරෙහි බලවේගවලට එකතු වෙන්න එපා කියලා කියනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ –

ආර්ථික අපරාධ චෝදනා නඟලා හිටපු ජනාධිපතිවරයාටත්, මුදල් අමාත්‍යවරයාටත්, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂටත් චෝදනා නඟලා තිබෙනවා. මේ චෝදනා නැඟීම සීමාව ඉක්මවා යෑමක් කියලා අපගේ විදේශ කටයුතු ඇමැතිතුමා ඒ සැසිය ආමන්ත්‍රණය කිරීමේදී ඒ සභාවට දැනුම් දීලා තිබෙනවා. ආර්ථික චෝදනාව නැඟීම එක කණ්ඩායමට සාධාරණ නෑ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණ වාර්තාවේ සඳහන් වෙනවා අපේ රටට මේ තත්ත්වය ඇතිවීමට බලපාපු පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ 2019 ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් අනුගමනය කළ බදු අඩු කිරීමේ ප්‍රතිපත්ති කාරණා. ඒ පැවැති කාලය තුළදී වසර 05ක දැඩි පීඩනයකින් ඉන්න අවස්ථාවක කඩා වැටිච්ච ආර්ථිකය ගොඩගන්න කඩා වැටිච්ච සමාජය ගොඩගන්න ජනතාවගෙනුත් ලොකු ඉල්ලීමක් තිබුණා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය