විදෙස් රැකියා සඳහා 200,000ක් රට හැර යති

0
341

2022 වසරේ මේ දක්වා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ‍ය. තවද මෙම පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සිටින පුද්ගලයන් බවත් ඇතැමුන් ලියාපදිංචි නොවී පිටව යන්නට ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

මේ වසර අවසන් වනවිට 330,000ක පමණ පිරිසක් විදේශ රැකියා සඳහා ලංකාවෙන් පිටව යනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය. එය රට තුළට විදෙස් ප්‍රේෂණ රැගෙන ඒමට විශාල පිටිවහලක් වන බව එතුමා සඳහන් කළේය.

නුවන් බඹරැන්දගේ