ලොකුවට හිතන්න කලින් පොඩි ළමයෙක් වෙන්න awaken the kid in you

0
65

ඔයාගේ බිස්නස් එකේ, ඔයාගේ ජොබ් එකේ සහ ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයන් උදෙසා කුඩා ළමයකුගෙන් ලබාගත හැකි දේවල් මොනවද? විවිධ සන්ධිස්ථානවල ඔබ ලබන ජයග්‍රහණයන් උදෙසා ඔබ කුඩා ළමයකු ලෙස ජීවත් වීමේ වැදගත්කම මොකක්ද? “Never lose the kid in you!” කියන කාරණාව සියල්ලටම ප්‍රථම මම ඔයාට සිහි කැඳවන්නම්. එහෙම කියන්න හේතුව මොකක්ද කියන එක මේ කතාව ඔබට කියන අතරේ මම කරුණු සහිතව ඔබට පැහැදිලි කරන්නම්. “Why should you play like a kid in business & life?”

“ඔබ ව්‍යාපාරයේදීත් ජීවිතයේදීත් පොඩි ළමයෙක් වගේ සෙල්ලම් කරන්න ඕන ඇයි?”

 They cry for what they want

කුඩා ළමයෙක් තමන්ගේ කුඩා කාලයේදී ගොඩක් වෙලාවට හඬා වැටෙන්නේ තමන්ට අවශ්‍ය දේවල් ලබාගන්න. ගැහැනු ළමයෙක් නම් බෝනික්කෙක් ගන්න, ලස්සන ඇ¾දුමක් ගන්න, පිරිමි ළමයෙක් නම් සෙල්ලම් කාර් එකක් ගන්න, තුවක්කුවක් ගන්න, සමහර ළමයි නම් ඔය සේරම ගන්න. අපි හොඳින් බැලුවොත් ගොඩක් වෙලාවට ඔවුන් අඬන එක නවත්වන්නේ ඔවුන්ට ලබා ගන්නට අවශ්‍ය දේ ලබාගත්තම විතරයි. ඔවුන්ට අවශ්‍ය දේ අම්මා හෝ තාත්තා හෝ ගෙදර කවුරුම හරි කෙනෙක් ගෙනත් දුන්නම විතරයි ඔවුන්ට අවශ්‍ය දේ අවශ්‍ය විධියටම ලැබෙනකන් තෘප්තිමත් නොවී අඛණ්ඩව හඬා වැටෙන එක ඔවුන්ගේ පුරුද්දක්. තමන්ට අවශ්‍ය දේ වෙනුවෙන් හඬා වැටෙමින් අවසානය දක්වා සටන් කිරීම තමයි ඔවුන්ගේ ස්වභාවය වෙන්නේ.

 They dream big

කුඩා ළමයකුගෙන් ඔබ ඇහුවොත් ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා. ඔහු තමන්ට වෛද්‍යවරයෙක්, ඉන්ජිනේරුවෙක් හෝ ගුවන් නියමුවෙක් වෙන්න අවශ්‍ය බව කියාවි. ඇත්තටම කුඩා කාලයේ කවුරුත් ටිකක් ලොකුවට හීන දකිනවා. කාර්යාල සේවකයෙක් වෙන්න. බැංකු නිලධාරියෙක් වෙන්න වගේ දේවල්වලට උත්සාහ නොකර ස්පයිඩර් මෑන් කෙනෙක් වෙන්න, බැට් මෑන් වෙන්න, සුපර් මෑන් වෙන්න, ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. කාලයත් එක්ක තමයි බොහෝ අය තමන්ගේ හීන සීමා සහිත කරගෙන බැට්මෑන්ලා, සුපර්මෑන්ලා නොවී සාමාන්‍ය රැකියා ස්ථානයකින් තමන්ගේ වෘත්තීය ජීවිතය අවසන් කරන්නේ.

Think big කියන්නෙ අද ලෝකයේ හරි ජනප්‍රිය සංකල්පයක්. ව්‍යාපාර ක්‍ෂේත්‍රය ඇතුළේ විතරක් නෙමෙයි බොහෝ ක්‍ෂේත්‍රවල විවිධ අවස්ථාවලදි think big කියන මේ සංකල්පය ටිකක් ලොකුවට කතා වෙනවා. ලොකුවට හිතන්න කියන මේ පාඨයේ සැබෑ අර්ථය මොකක්ද? ඒක මේ ‘Think big, go big, කියලා ගහපු ටී ෂර්ට් එකක් අඳිනවා වගේ සරල සිද්ධියක් නම් නෙමෙයි. ඉන් එහා ගිය සරල එහෙත් ගැඹුරු මාතෘකාවක් මම විශ්වාස කරන විධියට මිනිසකු සිය කුඩා කාලයේදී ‘Think big සංකල්පය බහුලව භාවිත කරනවා විවිධ අවස්ථාවලදි බහුලව යොදවනවා. මම කියන දේ පිළිබඳව නිසි විශ්වාසයක් නැත්නම් ඔබට පුළුවන් ඔබගේ ළමා කාලය ගැන මොහොතකට සිහිපත් කරගන්න. ඒ කාලේ DC බලපු, MARVEL බලපු අපිට ඕන වුණේ ස්පයිඩර් මෑන් වෙන්න සුපර් මෑන් වෙන්න.

ගැහැනු ළමයෙක් නම් බාබි ඩෝල් වෙන්න. ඒ අරමුණු කොයිතරම් ප්‍රායෝගිකද කියලා හිතනවට වඩා කොයිතරම් විශාලද කියලා අපිට දැන් හිතන්න වෙනවා. කාලයක් යනකොට ඒ අරමුණු තරමක් හකුළා ගන්න අපිට සිද්ධ වෙනවා. ඒ ගෙදරින්, සමාජ වටපිටාවෙන් සහ පාසලෙන් මනසට විදින එන්නතත් එක්ක ඊට පසුව අපි උත්සාහ කරන්නේ ඩොක්ටස්ලා වෙන්න,  ලෝයස්ලා වෙන්න, බැංකුකරුවෝ වෙන්න, මොඩ්ල්ස්ලා වෙන්න, ගායක ගායිකාවො වෙන්න. නරක නෑ. වැරදි නෑ. ඒත් අපිට ස්පයිඩර් මෑන්ලා, සුපර්මෑන්ලා, බාබි ඩෝල් ලා වෙන්න බැරිද?

ලෝක ප්‍රකට ව්‍යාපාර විතරක් නෙමෙයි ලෝකයේ සීරෝ to බිලියන් ගේම් ගහපු ලෝක පූජිත ව්‍යාපාරිකයො, ක්‍රීඩකයො, දේශපාලකයො, ගායක ගායිකාවො කියන හැම අයම think big කියන ජනප්‍රිය සංකල්පය දැන හෝ නොදැන භාවිත කරපු අය ප්‍රගුණ කරපු අය. Greatness කියන පාර දිගේ සාර්ථකත්වයේ ගමන යන ඕනෑම පුද්ගල චරිතයකට, ව්‍යාපාරයකට, ආයතනයකට ලොකුවට සිතීම කියන එක අනිවාර්ය සාධකයක්. ඉතින් දැන්වත් ආපහු පොඩිකාලෙ හිතුවා වගේ ස්පයිඩර් මෑන්ලා, සුපර්මෑන්ලා, බාබි ඩෝල්ලා වෙන්න උත්සාහ කරන්න. ව්‍යාපාරයක් කරනවා නම් ස්පයිඩර් මෑන්ලා, සුපර්මෑන්ලා, බාබිඩෝල්ලා නිර්මාණය කරන්න උත්සාහ කරන්න.

They do what they love

කුඩා ළමයෙක් තමන් අකැමැති දෙයක් කරනවා කියන්නේ දුර්ලභ අහම්බයක්. ඔවුන් සෑමවිටම උත්සාහ කරන්නේ තමන් කැමැති දේ කරන්න. සෙල්ලම් බඩු ගොඩක් පෙරලගෙන මුළු දවසෙම හරි සෙල්ලම් කරන්න. එක්කෝ පැය ගාණක් රූපවාහිනියට, පරිගණයට, හිරවෙන්න. ඔවුන් කැමැති දේ ඔවුන් කරන නිසා දවසේ වැඩි කාලයක් ගතකරන්නේ උදේ‍යා්ගයෙන්. ඒ වගේම සතුටින්. ඔවුන් කරන දේට ඔවුන් ආදරය කරන නිසා ඔවුන්ගේ දින සටහන් බොහෝ වෙලාවට ගතවෙන්නෙ අතිශය ජවසම්පන්නව.

They have the best learning mode

අපි කුඩා කාලයේදී තමයි ජීවිතයේ බොහෝ දේවල් ඉගෙන ගන්නේ. බොහෝ දේවල් වේගයෙන් ඉගෙන ගන්නේ. අලුත් වචන සඳහා උත්සාහ කරමින් කතා කරන්න ඉගෙන ගන්න එක. දණගාමින් සිටින කාලය පසුකරලා නැඟිටින්න ඉගෙන ගන්න එක. අම්මාගේ තාත්තාගේ හැසිරීම් නිරීක්ෂණය කරලා අඬන්න හිනාවෙන්න කන්න බොන්න ඉගෙන එක. කියන හැම දෙයක්ම අපි කුඩා කාලයේ ඉගෙන ගත්තේ නිරීක්ෂණ මත පදනම් වෙලා. සතත අභ්‍යාසයේ යෙදිලා. තවත් අතකට කුඩා දරුවෙක් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ තමන්ට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න ප්‍රශ්න අහන්න, නිරීක්ෂණය කරන්න, අලුත් අත්දැකීම් ගන්න.

ඔබට BMW එකක් පදින්න අවශ්‍ය වුණාම Benz එකකින් සෑහීමකට පත් නොවෙන්නත් ඒ සඳහා අඛණ්ඩව හඬමින් සටන් කරන්නත් කුඩා ළමයෙකුගේ පුරුද්ද බෙහෙවින්ම වැදගත්.

සීමාකාරී රැකියාවකින් ඔබේ වෘත්තීය ජීවිතය අවසන් නොකර ඔබ කැමැතිම රැකියාව කරන්න. ආයතනයේ ඉහළම පුටුව දක්වා ගමන් කරන්න කුඩා ළමයකුගේ විශාලව සිහින දැකීමේ ක්‍රමවේදය බෙහෙවින් වැදගත්.

තෘප්තියක් නැතුව නීරස විධියට ඔබ අකැමැති දේවල් කරලා ජීවිතය නොසතුටින් ගත නොකිරීමටත් කැමති දේ කරලා දෛනිකව ඔබේ සතුටත් උදේ‍යා්ගයත් පවත්වා ගන්නත් කුඩා ළමයකුගේ සතුටින් සිටීමේ ක්‍රමවේදය බෙහෙවින්ම වැදගත්.

ඔබේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය දේ ඉගෙන ගන්න ඔබේ රැකියාවේ ඊළඟ පියවර වෙනුවෙන් අවශ්‍ය දේ අධ්‍යයනය කරන්න කුඩා ළමයකුගේ ඉගෙනීමේ ක්‍රමවේදය බෙහෙවින් ඔබට වැදගත්.

ඔබ ඔබ තුළ සිටින කුඩා දරුවා අහිමි කර නොගත යුත්තේ ඒකයි. ඔබ කුඩා දරුවෙක් ලෙස ඔබේ ව්‍යාපාරයේදීත් ඔබේ ජීවිතයේදීත් සෙල්ලම් කළ යුත්තේ ඒකයි. අද දවසේ ඔබ තුළ සිටින කුඩා දරුවා ඔබ අවදි කළ යුත්තේ ඒකයි.

“Just never lose the kid in you”