ලංකා බැංකුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ CRM ඒකකයක් ස්ථාපනය කරයි

0
15

මෙරට ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව විසින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ CRM ඒකකයක් ස්ථාපනය කිරීම පසුගියදා සිදුකෙරුණු අතර එම අවස්ථාවට නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියාල් සිල්වා, සහකාර මහා කළමනාකරු (සබරගමුව) දුමින්ද දයාවංශ, මෙහෙයුම් කළමනාකරු ඩී.ඩබ්.පී.කේ. ප්‍රේමරත්න, ජේ‍යෂ්ඨ කළමනාකරු (කෑගල්ල සුපිරි ශේ්‍රණියේ ශාඛාව) එච්.එම්.පී. හේවාවිතාන සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගි වූහ.

සිය ගනුදෙනුකරුවන් වෙත වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුව සඳහා මෙම CRM ඒකකය මඟින් කෑගල්ල ප්‍රදේශය ආශි්‍රතව ජීවත්වන ගනුදෙනුකරුවන් වෙත ඩිජිටල් බැංකු සේවාවන් රැසක් ලබාදීමට අරමුණු කරයි.

මහජනතාව වෙත ඩිජිටල් බැංකු සේවාවෙහි නව අත්දැකීම් ලබාදීම සඳහා නිබඳවම වෙහෙසෙන ලංකා බැංකුව ඒ වෙනුවෙන්ම SmartPay, Smart Online Banking, Mobile Banking (B App), E – Commerce සක්‍රිය Debit Card, BOC Connect (නියෝජිත බැංකු සේවාව), Branch on Wheels (ජංගම බැංකු ශාඛා), Smart Zone, BOC Digi (ඩිජිටල් ශාඛා), Smart Pass Book (විද්‍යුත් පාස් පොත), Smart Gen ඩිජිටල් ගිණුම, අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් ක්‍රමවේද සහ ගිණුම් විවෘත කිරීම, පෞද්ගලික/නිවාස ණය සඳහා අයදුම් කිරීම ආදී සේවාවන් මාර්ගගතව (Online) ලබා ගැනීමේ හැකියාව වැනි ඩිජිටල් බැංකුකරණ විසඳුම් රැසක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. මෙම ඩිජිටල් පහසුකම් නිසා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් දෛනික බැංකු ගනුදෙනු සිදුකිරීමේ අවස්ථාව උදාවී තිබේ.