ලංකාවට ඉදිරිය අතිශය දුෂ්කර වේවි ඒත් අපේ සහාය දිගටම දෙනවා

0
310

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව පූර්ණ ගිවිසුමක් ලෙස අස්සන් තැබූ පසු, ශ්‍රී ලාංකිකයන්ට ඇතැම් විට අතිශය දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී චීනය තවමත් සහය නොදක්වා සිටීම කනගාටුවට කරුණක් බව පවසන පවර් මහත්මිය, ඉදිරියේ මුහුණ දෙන සෑම ගැටලුකාරී අවස්ථාවකදීම  ශ්‍රී ලාංකික ජනතාවට හුදෙකලා වීමට ඉඩ නොදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවද  සඳහන් කළාය.

ළහිරු ධනංජය පෙරේරා