රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී පළමු දිනයේදීම නව තරග වාර්තාවක්

0
9

90 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ජේ‍යෂ්ඨ තරගාවලිය දියගමදී ඊයේ (13දා) ආරම්භ වූ අතර එහිදී පළමු දිනයේ නව තරග වාර්තාවක් බිහිවීම කැපී පෙනිණි.

දින 4ක් පුරා රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී අවුරුදු 16, 18 සහ 20න් පහළ යන වයස් කාණ්ඩ 3ක් යටතේ තරග පැවැත්වේ. ඒ අනුව ඊයේ පැවැති තරගවලදී අවුරුදු 20න් පහළ බාලක තුන් පිම්ම ඉසව්වේදී නව තරග වාර්තාවක් පිහිටුවීමට යොෂිඩා ජාත්‍යන්තර පාසලේ අශ්මික කෝරළගේ සමත් විය.

එහිදී ඔහු විසින් මෙම ඉසව්වේ පැරණි වාර්තාව වූ මීටර් 15.57ක දුර ප්‍රමාණය අකාමකා දමමින් මීටර් 15.64ක දුරක් තරණය කරද්දී දෙවැනි තැන දිනූ කේ.වී.එම්. යසිරු ද මීටර් 15.61ක දක්ෂතාවක් දක්වමින් පැරණි වාර්තාව අභිභවා ගොස් තිබීමද විශේෂත්වයකි.