රාජපක්ෂවරුන්ට පසුගිය වසර දෙකේ කිසිදු දූෂණ චෝදනාවක් නෑ

0
219

පසුගිය වසර දෙකහමාර තුළ රාජපක්ෂවරුන්ට කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නැතැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ

සාගර කාරියවසම් පැවැසීය. එම කාලය තුළ රාජපක්ෂවරුන් මෙරට තුළ දූෂණ සිදුකර ඇති බවට කිසිවකු පවසනවා නම් ඔහු එම කාලය තුළ මෙරට වාසය කළ පුද්ගලයකු නොවන බවද සාගර කාරියවසම් මහතා කීය.

රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ බලගැන්වීම් කටයුතු දිගටම සිදුකරගෙන යන බවද ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂය ශක්තිමත්ව ගොඩනැඟීමට පක්ෂයේ සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන බවද කාරියවසම් මහතා කීය.

කෑගල්ල ප්‍රදේශයේ දේශපාලන වැඩසටහනකට ඊයේ (12දා)  එක්වෙමින් කාරියවසම් මෙම අදහස් පළ කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය