මිහින්තලේදී බඹර ප්‍රහාරයට ලක්වූ පොලිස් සැරයන් ඇතුළු පහක් රෝහලේ

0
28

මිහින්තලේ නගරයේ වෙළෙඳසලක් අසල ගසක ඇති බඹර වදයක් පෙරේදා (12දා) සවස සුළඟට ඇවිස්සීමෙන් බඹර ප්‍රහාරයකට ලක්වූ පොලිස් සැරයන්වරයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා ඇත.

එම ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් බේරා ගැනීමට ගිය අවස්ථාවේ මිහින්තලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයෙහි නියුතු සැරයන්වරයාද මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.

පෙරේදා (12දා) සවස 3.45ට පමණ එල්ල වූ එම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ඇතුළු පුද්ගලයන් පස්දෙනා ප්‍රතිකාර සඳහා මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ රෝගී තත්ත්වයේ පසුවූ තිදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

අනුරාධපුර – පර්සි කුරුනේරු