මාල හොරා අවුරුද්දක් හිරේට

0
7

ගම්පහ, උග්ගල්බොඩ ප්‍රදේශයේදී කාන්තාවකගේ  ගෙල බැඳි පෙන්ඩනය සහිත රන් මාලයක් කොල්ලකා වරද පිළිගත් විත්තිකරුවකුට එක් චෝදනාවකට බරපතළ වැඩ ඇතුව මාස 6 බැගින් එක් වසරක සිර දඬුවමක් ගම්පහ  මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළේය.

බරපතළ වැඩ ඇතිව නියම වූ එම එක් වසරක සිර දඬුවම වසර 5කට අත්හිටුවන ලෙසටද නියම කෙරිණි. අගතියට පත් කාන්තාවට රුපියල් 50,000ක වන්දි මුදලක් ගෙවීමටද නියම වූ අතර වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් මාස  හයක සිර දඬුවම් නියම විය.

ශ්‍රී  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 380 සහ  396  යන වගන්ති යටතේ ගම්පහ පොලිසිය මඟින් චෝදනා ගොනු කර තිබිණි. ඉකුත් ජූලි මස 20 හෝ ඊට ආසන්න දිනයකදී මෙම සිද්ධිය වී තිබේ.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල