පැවිදි වෙන්න හිටි බාල වයස්කරුට පහරදුන් හිමිනම රිමාන්ඩ්

0
7

වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි වීමට පැමිණ සිටි වයස අවුරුදු 14ක බාල වයස්කාර පිරිමි ළමයකුට එම විහාරස්ථානයේම වැඩ සිටින 15 හැවිරිදි සාමණේර හිමිනමක් යකඩ පොල්ලකින් හා අතින් පයින් පහරදී බරපතළ තුවාල කර තිබේ.

ලද තොරතුරකට අනුව වැලිගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් සැකකාර සාමණේර හිමිනම මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ඉසුරු නෙත්ති කුමාර මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අද (14දා) දක්වා පරිවාස භාරයේ තබන ලෙසට නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වැලිගම පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දෙනිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක මහණ වීමට පැමිණ එම විහාරස්ථානයේම නතරව සිටින වයස අවුරුදු 14ක බාල වයස්කාර පිරිමි ළමයකුට විහාරස්ථානයේම වැඩ සිටින 15 හැවිරිදි සාමණේර හිමිනමක් විසින් යකඩ පොල්ලකින් හා අතින් පයින් පහරදී බරපතළ තුවාල සිදු කර ඇති බවත් තුවාලකරු දැනට කරාපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවට වැඩිදුරටත් කරුණු දැක්වීය.

උෟරුබොක්ක – අතාවුද පතිරණ