ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

0
12

දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14දා) වැසි වාර කිහිපයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

මුහුදු ප්‍රදේශ ගත්විට පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි 45 – 55 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කාළේය.

චන්දන ලක්මාල්