නයි මිරිස් කිලෝව 2,500ට යයි

0
231

නයි මිරිස් වගා කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් රුවන්පුර ප්‍රදේශවල මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගොවීන්  එම වගාවෙන් ඉවත් වී ඇත.

දේශීය වෙළෙඳපොළේ් ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබීම හමුවේ නයි මිරිස් කිලෝවක මිල රු. 2500ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ  පවසති.

දේශීය වෙළෙඳපොළට මේ දිනවල නයි මිරිස් ඵලදාව නිකුත් කරන්නේ වැල්ලවාය ප්‍රදේශවල නයි මිරිස් වගා කරන ගොවීන් බවත්, එම අස්වැන්න ඉල්ලුමට සරිලන සැපයුමක් නොවන බවත් වෙළෙන්දෝ  කියති.

නයි මිරිස් වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහළ යෑමත් හිඟවීමත් නයි මිරිස් වගාවෙන් ඉවත් වීමට ගොවීන් පියවර ගෙන ඇති අතර, වැල්ලවාය ප්‍රදේශයේ පවතින සුදුසු කාලගුණ තත්ත්වය නයි මිරිස් වගාවට යෝග්‍ය බව එම ප්‍රදේශයේ ගොවිහු පවසති.

නෝර්වුඩ් _ නීටා පත්ම කුමාරි