ජනප්‍රියම ව්‍යාපාර වෙබ් අඩවියට හිමි ලෝකඩ සම්මානය Baby Care සමාගමට

0
12

ශ්‍රී ලංකාවේ ප්‍රථම උසස් ගණයේ ආනයනික ළදරු නිෂ්පාදන අලෙවි සමාගම වන Baby Care පෞද්ගලික සමාගම BestWeb.lk සම්මාන උළෙලේදී ජනප්‍රියම අන්තර්ජාල ව්‍යාපාර වෙබ් අඩවියට හිමි ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. නිර්මාණශීලීත්වය, භාවිතයේ පහසුව, යාවත්කාලීන සහ විශ්වසනීය තොරතුරු පදනම් කරගෙන නිර්මාණය කර ඇති www.babycare.lk වෙබ් අඩවිය පාරිභෝගිකයන්ගේ නිරන්තර අවධානයට සහ පරිශීලනයට ලක්වීම මෙම සම්මානය ලැබීමට ප්‍රමුඛ හේතුවකි. 1987දී Baby Care සමාගම තම ගමන ඇරඹුවේ කුඩා ළමයින්ගේ නිමි ඇඳුම් ආනයනයෙනි. නමුත් වර්තමානයේදී සමාගමේ සභාපති එල්.එච්.සී. ඩැනීස්ටර් මහතාගේ දිගු දැක්මට අනුව කටයුතු කිරීමෙන් ළදරු අයිතම ක්‍ෂේත්‍රයේ දිවයිනේ ප්‍රමුඛයා වී ඇත්තේ එම ක්‍ෂේත්‍රයේ සියලුම අයිතම සපයමින් (Baby Cots, Baby Strollers, Baby Electric Appliances, Baby Car Seats) ලාංකික සහ අන්තර්ජාතික ප්‍රජාවන්ගේ ගෞරවයට හා ප්‍රසාදයට පත් වෙමිනි. ලොව ළදරු අයිතම ක්‍ෂේත්‍රයේ පවතින ප්‍රමුඛතම වෙළෙඳ සන්නාම රැසක (Nuby®, Mustela®, Twistshake®) ශ්‍රී ලංකාවේ එකම බලයලත් නියෝජිතයා වන්නේ Baby Care සමාගමයි.

“සෑම විටම තත්ත්වයෙන් උසස් භාණ්ඩ පමණක් පාරිභෝගිකයන්ට පිරිනමමින් ඉහළම පාරිභෝගික සේවාවක් සැපයීම අප සමාගමට දශක ගණනාවක් සාර්ථකව ඉදිරියට ඒමට හේතු වුණා. මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සහයෝගය දැක්වූ කාර්ය මණ්ඩලයේ සියලුදෙනාට කෘතවේදීත්වය පිරිනමනවා.”

තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ එල්.එච්. කසුන් ගනීන්ද්‍ර මහතා පැවැසීය.

ගැබිනි මවකට අත්‍යවශ්‍ය සියලුම දේ සහ ළදරු අවධියේ සිට පෙර පාසල් වයස දක්වා දරුවන්ට අවශ්‍ය සියලුම දේ මෙම සමාගමෙන් සිල්ලර හා තොග වශයෙන් ලබාගත හැකිය. ප්‍රධාන වශයෙන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීමේ ක්‍රියාදාමයේ නිරත වන මෙම සමාගම වර්තමානයේදී දේශීය මෙන්ම විදේශීය සමාගම් රැසකට සිය භාණ්ඩ සපයමින් විදේශ විනිමය මෙරටට ගෙන ඒමටද දායක වේ. සමාගම සතුව Babycare® සන්නාමය යටතේ ජාත්‍යන්තරව පිළිගත් ළදරු අයිතම රැසක්ද ඇත.