කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් 2024දී අරඹනවා

0
36

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ පළමු අදියරේ ඉදිකිරීම් නිම කර 2024දී මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එම ව්‍යාපෘතියේ ආයෝජකයන් වන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පෞද්ගලික සමාගම සඳහන් කර ඇත.

එහි  ප්‍රගති සමාලෝචන රැස්වීමක් වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති අතර එහිදී අනාවරණය වුණේ 2025 වසරේදී මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

පසුගිය 2021 වසරේ සැප්තැම්බර් 23 වැනිදා ඉදිකිරීම් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 700ක් වැය කිරීමට නියමිතය.

මීටර් 800ක් දිග සහ මීටර් 20ක් ගැඹුරින් යුත් නැංගුරම්පොළක් ඉදිකිරීම, බහලුම් ලක්ෂ 16ක් මෙහෙයවිය හැකි පර්යන්තයක් ඉදිකිරීම, ප්‍රධාන පාලක මැදිරියක සිට ‍ෙදාඹකර දුරස්ථ පාලක ක්‍රමයට මෙහෙයුම් කිරීමට හැකි වීම ආදී අංග මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී නිම කිරීමට නියමිතය.

මෙම පළමු අදියරේ ඉදිකිරීම්වලින් පසුව අර්ධ ස්වයංක්‍රීය ‍ෙදාඹකර 8ක් තුළින් බහාලුම් 2400ක් රැගෙන යා හැකි ලොව විශාලතම නෞකා මෙහෙයුම් කටයුතුද බටහිර පර්යන්තය මඟින් සිදුකළ හැකි වේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය