කෙක්කෙන් කැඩූ කොස් ගෙඩිය හිස මතට වැටී සිවුදරු පියා මරුට

0
12

කෙක්කකින් කොස් කැඩීමට ගිය සිවුදරු පියකුගේ හිස මතට එම කොස් ගෙඩියක් වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත වීමෙන් පසු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් තෙල්දෙණිය පොලිස් වසමේ පුටුහපුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිය ගෙවත්තේ අඩි තිස් පහක උසක කොස් ගසක තිබුණු පැසුණු කොස් ගෙඩියක් කෙක්කකින් කඩමින් සිටියදී එම කොස් ගෙඩිය හිස මතට වැටී මෙම අනතුර සිදුව ඇති අතර රෝහල්ගත කිරීමෙන් දින කිහිපයකට පසු ඉකුත් 10 දින ඔහු මහනුවර මහ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ සිව්දරු පියකුවන තෙල්දෙණිය, පුටුහපුව ප්‍රදේශයේ පදිංචි හැට හය හැවිරිදි විශ්‍රාමික ලංගම සේවකයෙකි.

තෙල්දෙණිය – කේ. නිශ්ශංක