කුඩු නඩුවක් කුඩු කරන්න තිස් දාහක් අල්ලස් ගත්තැයි සාජන් රිමාන්ඩ්

0
8

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා අඩුකර දෙන බව පවසා රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කඩවත පොලිස් ස්ථානයේ සැරයන්වරයකු ලබන 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ මහතා ඊයේ (13දා) නියෝග කළේය.

කඩවත පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් පණ්ඩිතරත්න යන සැකකරු මෙලෙස අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පැමිණිලිකරුගේ බාල පුතාට ත්‍රිරෝද රථයක කැබින් එකක් කැඩීම සම්බන්ධයෙන් හා ඔහුට මත්ද්‍රව්‍ය නඩු නොදා පොඩි නඩුවක් පවරා දඩයකට යටත් කර දෙන බවට පවසමින් ඒ සඳහා රුපියල් 30,000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි අල්ලස් කොමිසම සැකකරුට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

හංසි නානායක්කාර