කුඩුත් එක්ක අයියා – මලෝ සමඟ තුනක් දැලේ

0
5

මැණික්හින්න පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා මැණික්හින්න  ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදී මැණික්හින්න නගරයේදී හෙරොයින් ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනකු  අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් දෙදෙනකු  එකම පවුලේ සහෝදරයෝ වෙති. එම පවුලේ සියලු දෙනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත් මීට පෙරද ඔවුන් මත්ද්‍රව්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තෙල්දෙණිය දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. එහිදී අඩංගුවට පත් තිදෙනාගෙන් දෙදෙනෙක් අධිකරණ භූමියේ සිට පලා යෑමට තැත් කර ඇත. එහිදී සැකකරුවන් අල්ලා ගැනීමට හැකි වූ අතර එක් පොලිස් සැරයන්වරයකු තුවාල ලබා  දැනට තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

මැණික්හින්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ  අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජපක්ෂ, ආරක්ෂක සහායක නිලධාරි කිත්සිරි (2239), ඒකනායක (47090) යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

මැණික්හින්න – ඩී. වන්නිආරච්චි