ක්‍රීඩාවට මුවා වෙලා රට පාවා දෙන්න අපි ඉඩ දෙන්නේ නෑ

0
11

“ආසියානු කුසලානයේ ජයග්‍රහණය ක්‍රීඩකයන්ගෙන් මුවා වෙලා ආසියානු කුසලානය අපේ රටේ තියන්න තිබුණු අවස්ථාව පාවාදීම පිළිබඳ වරදෙන් හැංගෙන්න උත්සාහ කරනවා නම් ඒවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩාවේ මුවාවෙන් කවුරු හරි රට පාවා දෙනවා නම් ක්‍රීඩාව පාවා දෙනවා නම් අනියම් විධියට මුදල් උපයනවා නම් ඒකට විරුද්ධව විපක්ෂය විදිහට අපි හැමදාම නැඟී සිටිනවා” යැයි සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පවසයි.

 විපක්ෂ නායක කාර්යාලයේ (13) දින  පැවැති මාධ්‍ය  හමුවේදී ඔහු මෙසේ කීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ දිනවල ජිනීවා මානව හිමිකම් සැසිය පැවැත්වෙනවා. අපි දැක්කා ආර්ථික අපරාධ පිළිබඳව කතා වුණා. එහිදී පැහැදිලිවම

රාජපක්ෂලාට චෝදනා කරනවා. මොකද ආර්ථික අපරාධ කියන්නෙත් මානව හිමිකම් කඩවීමක්. රටක ජනතාවගේ ආර්ථික සමෘද්ධිය කියන්නේ මානව හිමිකමක් ඒ මානව හිමිකම් කඩ වන ආකාරයෙන් යම්කිසි පාලකයෙක් රටක් පාලනය කරනවා නම් ඒක අපරාධමය වරදක්.

මේ කියන ආර්ථික අපරාධකරුවෝ වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති ධුරයට ගේන්නේ. ඒ අය තමයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පාලනය කරන්නේ. එහිදී බලන විට රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ. අපි දන්නවා මේ දවස්වල අමාත්‍යවරු ගණනාවක් දිවුරුම් දෙනවා. කැබිනට් මණ්ඩලයක් හෙට අනිද්දා වනවිට 30ක් වෙනවා. රාජ්‍ය  ඇමැතිවරු 38 හෙට අනිද්දා වෙනකොට 40ක් දක්වා යාවි. ඊටත් එහාට යන්න ව්‍යවස්ථාවෙන් ගැටයක් ගහලා ට්‍රයි කරයි. අපේ මහ නායක හාමුදුරුවෝ පවා බොහොම පැහැදිලිව කිව්වා අපිට 15ක විතර කැබිනට් එකක් ඇති කියලා.

කපුටා එළෙව්වා කිව්වට කපුටා ගිහින් නෑ. නෙළුම් මාවතේ ඉඳන් ඔහු තමයි කවුද රාජ්‍ය, කැබිනට් ඇමැතිවරු බවට පත් වෙන්න ඕනෑ, කවුද ලැයිස්තු හදමින් තීන්දු තීරණ ගනිමින් ඉන්නේ.

අපි දැන් ඉන්නේ ඩොලර් අර්බුදයක ඊයේ පෙරේදා නෙළුම් කුලුන ජනතාවට විවෘත කරනවා කිව්වා. ආරම්භයේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 104කින් නිම කරන්න සැලසුම් කරලා තිබුණා. අන්තිමට ඒක 113ක් දක්වා වැඩි වුණා. ඒවා අස්සේ කොමිස් මුදල් ගනුදෙනු සිදුවෙන්න ඇති. මේ වන විට චීන යබපඥථඥ බැංකුවට ඩොලර් මිලියන 66ක් ගෙවලා තියෙනවා.

88ක් තමයි ණය විදිහට ගත්තේ. හැබැයි මේ ඩොලර් මිලියන 66 ගෙවලා අවසන් වෙනකොටත් මේ ව්‍යාපෘතියෙන් උත්පාදනය කරපු මුදල බිංදුවයි. එක සතයකවත් ආදායමක් ලබලා නැහැ. දැන් තියෙන තොරතුරු අනුව බේරුම්කරණයේදී ඇපකරයත් අපට අහිමිවෙලා. ඩොලර් මිලියන 11.9යක අලාභයක් අපිට චීන අසූචි නිසා ගෙවන්න වෙලා.

රටේ සමස්ත ජනතාවගෙන් අති බහුතරයක් ආහාර අර්බුදයක ඉන්නවා. පෝෂණ ආහාර නොලැබීම හරහා දරුවෝ මන්දපෝෂණයෙන් පෙළෙනවා. අපි සතුටු වෙනවා ක්‍රීඩාව පැත්තෙන් ක්‍රිකට් ආසියානු කුසලානය දිනා ගන්න පුළුවන් වුණා. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩාවේ අපිට නැවතත් ආසියානු කුසලානය දිනා ගන්න පුළුවන් වුණා. ඒ ගැන රටක් විදිහට ක්‍රීඩකයන්ට පුහුණුකරුවන්ට සුබ පැතුම් එක් කරනවා.

ක්‍රීඩාවේ මුවාවෙන් කවුරුහරි රට පාවා දෙනවා නම් ක්‍රීඩාව පාවා දෙනවා නම් අනියම් විධියට මුදල් උපයනවා නම් ඒකට විරුද්ධව විපක්ෂයෙ අපි හැමදාම නැඟී සිටිනවා.

අරගලය විසින් ප්‍රතික්ෂේප කරපු දේශපාලන සංස්කෘතිය නැවත ක්‍රියාත්මක වෙනවා. අරගලය විසින් ප්‍රතික්ෂේප කරපු, මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන චරිත නැවත හුස්ම ගනිමින් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඒගොල්ලො හිතනවා නම් නැවත අරගල මේ රටේ සිද්ධවෙන්නේ නෑ. මේක මර්දනය කර දැන් හරි කියලා ඒක කවදාවත් වෙන්නේ නැහැ. අරගලය ජයග්‍රහණය කරපු ජයග්‍රහණවලට ප්‍රතිවිරුද්ධව තමයි වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒකට හොඳම පිළිබිඹුව තමයි වර්තමාන කැබිනට් එක සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය. ඒක බරක් වගේම රට ඉදිරියේ ප්‍රතික්ෂේප වුණු දේශපාලන චරිත නැවතත් කැබිනට් මණ්ඩලයට සහභාගි අමාත්‍ය මණ්ඩලයට ඇවිත් තියෙනවා.

නිර්මාණි ගුණරත්න