IMF එකට දුන් පොරොන්දු සඟවනවා ද?

0
494

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බව වැඩබලන කැබිනට් ප්‍රකාශක කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

අද (සැප්. 13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, එය අමාත්‍ය මණ්ඩලයට, විපක්ෂ නායකවරයාට, කෝප් සහ කෝපා ඇතුළු මුදල් කාරක සභා සභාපතිවරුන්ට එය ඉදිරිපත් කරනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

“ඒක සැඟවීමක් නැහැ. එම කරුණු සියල්ල ම ඉදිරියේදී ඉදිරිපත් කරනවා,” යනුවෙන් රමේෂ් පතිරණ මහතා වැඩිදුරට ත් පැවසීය.