වත්තල ගිනි තැබීමකින් කාන්තාවක් මිය ගිය සිද්ධියේ සුළමුල

0
506

වත්තල ප්‍රදේශයේ නිවසක ඇති වූ පවුල් ආරවුලක් අතරතුර සිදු කළ ගිනි තැබීමක් හේතුවෙන් කාන්තාවක මිය ගොස් තව ත් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබේ.

නිවසේ පදිංචිකරු, බිරිඳ, පුංචි අම්මා සහ බිරිඳගේ මව ඥාති සොහොයුරෙකු සමග පදිංචිව සිටින අතර බිරිඳගේ පියා නිවසට පැමිණ බිරිඳගේ මව සමග ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් ගැටුමක් හටගෙන ඇතැයි පොලිසිය පැවසීය.

එම ගැටුම අතරතුර දී පහර කෑමට ලක් වූ නිවසේ පදිංචිකරු පොලිස් ස්ථානයට පැමිණ බිරිඳගේ පියා, ඇයගේ මව ඝාතනය කිරීම සඳහා උත්සහ දරන බවට පැමිණිලි කිරීම මත ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් ඇත.

එම අවස්ථාවේදී නිවසේ ගින්නක් හටගෙන තිබී ඇති අතර පොලිසිය අසල්වැසියන් සමග ගින්න මැඩ පවත්වා නිවස පරීක්ෂා කිරීමේදී ගින්නට හසුවූ කාන්තාවක පිලිස්සුම් තුවාල සහිතව මිය‍ ගොස් සිටියදී හමුවූ බව පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය සඳහන් කළේ, මරණකාරිය වයස අවුරුදු 57ක් වන කිරුළපන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය පැමිණිලිකරුගේ පුංචි අම්මා බව ය.

ඇයගේ මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

පොලිසිය සඳහන් කළේ, ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා රාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ය.

රාගම රෝහලට ඇතුළත් කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේ ම ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.