හිමේෂ සහ චානුකගෙන් ශතක

0
8

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගවලදී ශතක රැස් කිරීමට හිමේෂ මධුභාෂණ (මතුගම ශාන්ත මරියා) සහ චානුක ප්‍රනාන්දු (මාරවිල ශාන්ත ෂේවියර්) යන ක්‍රීඩකයින් සමත්වූහ.

මෙම තරගයකදී ඉසුරු නිදර්ශන (මොරටු විද්‍යාලය) සහ තීරක රණතුංග (මහනුවර ත්‍රිත්ව) තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, සඳෙව් රශ්මික (මාතර රාහුල) පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

මහනුවර ත්‍රිත්ව – කොළඹ රාජකීය 

ත්‍රිත්ව: 191/7 (තීරක රණතුංග නොදැවී 47, දසිස් මංචනායක 28/3)

රාජකීය: 146 (සිනෙත් ජයවර්ධන 41, දසිස් මංචනායක 39, තීරක රණතුංග 15/4, තරණ විමලධර්ම 21/3)

ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 45ක ජයක්. 

කොළඹ තර්ස්ටන් _ මීගමුව මාරිස්ටෙලා

මාරිස්ටෙලා: 110 (ෂේන් ආදිත්‍ය 36, තේනුක දේවප්‍රිය 10/2)

තර්ස්ටන්: 111/4  (විහස් තෙව්මික නොදැවී 40, තේනුක දේවප්‍රිය නොදැවී 26, තනුග පළිහවඩන 25)

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 6ක ජයක්. 

මොරටු විද්‍යාලය – මහනුවර ශාන්ත සිල්වෙස්තර

මොරටු විද්‍යාලය: 201 (ඉසුරු නිදර්ශන නොදැවී 51, මලිත් ලක්ෂාන් 26/2, අකිල වික්‍රමසිංහ කුලරත්න 27/2)

ශාන්ත සිල්වෙස්තර: 148 (කනක වික්‍රමසිංහ 47, ඉසුරු නිදර්ශන 23/4)

මොරටු විද්‍යාලයට ලකුණු 53ක ජයක්. 

මාතර රාහුල _ අනුරාධපුර මමවි අනුරාධපුර මමවි: 102 (පන්දුවාර 34.4) (යශෝත් සංකලන 42. සඳෙව් රශ්මික 29/6, දිනෙත් තත්සර 33/3)

රාහුල: 103/6 (පන්දුවාර 36.3) (සසිඳු දුල්මාල් 27, ගිම්සර සොනාල් නොදැවී 20, කාවින්ද කෞෂාන් 15/2) මාතර රාහුල විද්‍යාලයට කඩුලු 4ක ජයක්. 

වත්තල ලයිසියම් _ මහනුවර විද්‍යාර්ථ

විද්‍යාර්ථ: 141 (ධනුප කොඩිකාර 41, චාරුක මුණසිංහ 41, ජයතු චතුරංග 33/3)

ලයිසියම්: 142/3  (ලක්ෂිත උදේෂ් 82, ෂානුජන් බාස්කරන් නොදැවී 44, ආදිත්‍ය බණ්ඩාර 30/2)

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට කඩුලු 7ක ජයක්. 

නුගේගොඩ ලයිසියම් _ කුරුණෑගල වයඹ රාජකීය

ලයිසියම්: 171 (කාරුණ්‍යන් පොනොක්වාන් 35, තිමිර බාලසූරිය 9/3)

වයඹ රාජකීය: 88 (දුලින රන්දික 32, ටී. මුර්ටාසා 32, සචිර දෙලංකාවල 17/3)

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට ලකුණු 83ක ජයක්.   

මාරවිල ශාන්ත ෂේවියර් _ වඳුරඹ මමවි

ශාන්ත ෂේවියර්: 241 (චානුක ප්‍රනාන්දු 102, අරුණ ප්‍රබෝධන 59/4)

වඳුරඹ මමවි: 177  (පසිඳු ආතර්  50,  දුලක්ෂණ රාජකරුණා  33/3)

ශාන්ත ෂේවියර් විද්‍යාලයට ලකුණු 64ක ජයක්.      

මතුගම ශාන්ත මරියා – වාද්දුව මමවි

ශාන්ත මරියා: 209/6  (හිමේෂ මධුභාෂණ 101, සහන් දේශක 23/3)

වාද්දුව මමවි: 107 (මලිත් නිමන්ත නොදැවී 37, කොවිඳු වික්‍රමසිංහ 29/5)

ශාන්ත මරියා විද්‍යාලයට ලකුණු 102ක ජයක්.    

මාතර ශාන්ත සර්වේෂස් – පන්නිපිටිය ධර්මපාල

ධර්මපාල: 129 (උදිත සඳරුවන් 26, විශ්ව සුපුන් 8/3)

ශාන්ත සර්වේෂස්: 130/4 (දිනිරු අබේවික්‍රමසිංහ 73)

ශාන්ත සර්වේෂස් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.    

මහනුවර කිංග්ස්වුඩ් – කොළඹ අසෝක

කිංග්ස්වුඩ්: 179 (කවිජ ගමගේ 89, උමේෂ් කල්දේරා 19/4)

අසෝක: 173 (උමේෂ් කල්දේරා 44, සඳරුවන් නවරත්න 23/4)

කිංග්ස්වුඩ් විද්‍යාලයට ලකුණු 6ක ජයක්.    

ඉෂාන් රශ්මිත