ෂෙඩ් එකට හොර සල්ලි දෙන්න ගිහින් වැඩේ මාට්ටු

0
13

ලක්ෂ 2ක හොර නෝට්ටු හා මුද්‍රණ යන්ත්‍රයක්, පරිගණකයක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පස් දෙනකු ලබන 21දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය අතිරේක මහෙස්ත්‍රාත් ඩී. අන්නතුරෙයි මහත්මිය නියෝග කළාය.

රිමාන්ඩ් කරන ලද්දේ පුල්මුඩේ, පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ පදිංචි 25, 35, 40 යන වයස්වලට අයත් පිරිසක්ය.

කුච්චවේලි ඉන්ධනහලකින් ඉන්ධන  ලබාගෙන රුපියල් දහසේ හොර නෝට්ටුවක් ලබාදී පලා යන්නට තැත්කිරීමේදී රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු යාංඔය ප්‍රදේශයේ ස්ථානයකදී මේ මුද්‍රණය කළ තැන සොයා ගෙන ඇත.

කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

කන්තලේ – ඩබ්.එම්. වික්‍රමසිංහ