ප්‍රේමලාල්ටත් රාජ්‍ය ඇමැතිකමක්

0
358

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (12දා) දිවුරුම් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානිකර, ශාන්ත ‍ෙදාඩන්ගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් මහාධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබීම නිසා ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මරණ දඬුවම නියම කෙරුණේ 2020 ජූලි මාසයේය.

පසුව එම නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම් ගොනු කර තිබුණු අතර විත්තිකරුවන් ගිනිඅවි අතැතිව සිටි බවට හෝ වෙඩිතැබීමක් කළ බවට රත්නපුර මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවෙන් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර නොමැති බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය පසුගිය මාර්තු 31 වැනිදා විත්තිකරුවන් සියලු චෝදනාවලින් නි‍ෙදාස්කොට නිදහස් කිරීමට නියෝග කළේය.