දමිතාට ඇප

0
29

පසුගිය ජූලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූ බව කියන සිද්ධිය. සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12දා) නියෝග කළේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විසින් ගොනු කරන ලද මෝෂන් පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙලෙස ඇප නියම කළේය. එසේම සැකකාරිය විදේශගත වීම වළක්වාලමින් විදෙස් ගමන් තහනම් නියෝගයක්ද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

පසුගිය ජූලි මස 14 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය තුළට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.

හංසි නානායක්කාර