කුණ්ඩසාලේ පොලිස් විදුහලේ ලොරියක් 11 වැනි වංගුවේදී පෙරළිලා

0
10

කුණ්ඩසාලේ පොලිස් විදුහලේ ආධුනික නිලධාරීන්ගේ වෙඩි පුහුණුව සඳහා අවශ්‍ය ටී. 56 තුවක්කු හා පිස්තෝල සමඟ ඒවාට භාවිත කරන උණ්ඩ තොගයක් මහියංගණය වෙඩිතලාව වෙත ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දහඅට වංගුවේ 11 වැනි වංගුවේදී පෙරළීමෙන් තුවාලලත් එහි ගමන් ගත් උපදේශක නිලධාරියකු ප්‍රතිකාර සඳහා මහියංගණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර ඊයේ (12දා) පෙරවරු 7.45ට පමණ සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

ලොරි රථය අනතුරට පත්වන අවස්ථාවේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් සිවු දෙනකුද ආධුනික නිලධාරීන් 10 දෙනකුද ගමන් ගෙන ඇත.

මහනුවර – කේ.එල්. සුරවීර