කසිප්පු අල්ලන්න ගිය ඉධ් වෙල් මාළුවෙක් අල්ලසට අරන්

0
18

කසිප්පු වැටලීමකට ගොස් අල්ලස් ලෙස වෙල් මාළුවකු ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල පොලිස් ස්ථානයේ. උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් පිරිසක් ගැන පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියට සම්බන්ධ යැයි කියන පොලිස් නිලධාරීන් දෙදෙනකු බෙම්මුල්ල පොලිසියෙන් මාරුකර යවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. පොලිස් නිලධාරියකු පැමිණිලිකරුගෙන් වෙල් මාළුවකු ලබාගන්නා අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති බවත් එම පොලිස් නිලධාරීන් ප්‍රකාශ ලබාදෙන අන්දමට ලබාගත් මාළු කූරියා වෙනුවෙන් මුදල් ගෙවන ආකාරයක් ආරක්ෂිත කැමරාවල සටහන්ව නැති බව පොලිසිය පවසයි.

බෙම්මුල්ල පොලිසියෙන් ස්ථාන මාරුවීම් ලැබ සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට මීට පෙර අවස්ථාවලදී ද එවකට සිටි ගම්පහ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ස්ථාන මාරු ලබා දුන්නද එම ස්ථාන මාරු අවලංගු කරගැනීමට එම පොලිස් නිලධාරීන් සමත් වී ඇති බවද දැනගන්නට ඇත.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරළ