කපා කොටා අයෙක් මැරූ සැකකරු දිවි නහගෙන

0
10

කටාන, පහළ කඳවල ප්‍රදේශයේ පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට සැකකරුද ගෙල වැලලාගෙන මියගොස් ඇති පුවතක් කටාන පොලිසියෙන් වාර්තා වේ.

ඉඩම් ආරවුලක් හේතුවෙන් පැවැති ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි කටාන පොලිසිය කියයි.

සැකකරුගේ සිරුර නිවෙස පිහිටි ඉඩමේ ඇති මඩුවක එල්ලෙමින් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 62ක කඳවල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයා වයස අවුරුදු 58ක පහළ කඳවල තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

කීර්ති මෙන්ඩිස්