හොරණ නගරාධිපතිගේ හා කුරුණෑගල ප්‍රා.ස. සභාපතිගේ නිවෙස්වලට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

0
111

මැයි 9 වන දා හොරණ නගරාධිපතිවරයාගේ නිවසට සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට පහර දී හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 44 සහ 37 වන හොරණ සහ දොරටියාව ප්‍රදේශයේ පිදිංචිකරුවෝ වෙති.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (සැප්.11) උදෑසන කාලයේදී හොරණ සහ කුරුණෑගල පොලිසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ සහ කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.