Google පීරපු කෙල්ලන්ගේ හිත් බිඳලා කටි්‍රනාව කරකාරෙට ගත්තු සුුපෙම්බරා Vicky Kaushal

0
113

මෙවර ඩඥප අතිරේකය තුළින් අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ බොහෝ තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත්, දක්ෂ සහ ජනප්‍රිය යන අංශ දෙකෙන්ම ඉදිරියෙන්ම සිටීමට සමත්කම් දැක්වූ බොලිවුඩ් තරුවක් ගැනයි. ඔහු පසුගියදා පැවැති 67 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ විචාරක අංශයේ හොඳම නළුවාට හිමි සම්මානය සහ ඊට පෙර පැවැති 22 වැනි IIFA සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට වරම් ලැබූ සුපිරි තරුව විකී කෞෂාල්ය. බොලිවුඩ් රිදී තිරය වර්ණවත් කරමින් දිගු ගමනක් යා හැකි ඔහු සිය සිනමා ගමන ආරම්භයේ පටන්ම එකිනෙකට වෙනස් වූ චරිත නිරූපණයන් ඔස්සේ රිදී තිරය බබළවන්නට සමත් වූ තරුවක්.

1988 වසරේ මැයි 16 වැනි දින මුම්බායිහිදී ඉන්දියානු චිත්‍රපටවල ක්‍රියාදාම අධ්‍යක්ෂවරයකු වන ෂාම් කෞෂාල් සහ ගෘහ නිර්මාණ ශිල්පිනියක වන වීනා කෞෂාල්ට දාව උපත ලැබූ පළමු පිරිමි දරුවා විකී කෞෂාල් නම් විය. විකී කෞෂාල්ට  බාල සොහොයුරකු වන අතර ඔහු නමින් සනී කෞෂාල්ය. විකීගේ පවුල පංජාබ් හින්දු පවුලකි. විකී කුඩා කල සිටම ඉගෙනීමට, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සහ චිත්‍රපට නැරඹීමට උනන්දු වූ ළමයෙක් විධියට හ¾දුන්වන්න පුළුවන්. විකී 2009 වසරේදී මුම්බායි හි රජිව් ගාන්ධි තාක්ෂණ ආයතනයෙන් ඉලෙක්ට්‍රොනික සහ විදුලි සන්දේශ ඉන්ජිනේරු උපාධියක් ලබා ගත්තා.

උපාධියේ අවසන් වසරේදී ක්‍ෂේත්‍ර සංචාරයක් සඳහා තොරතුරු තාක්ෂණ සමාගමකට ගිය අතරතුර විකී තමන්ට කාර්යාල රැකියාවක් කිරීමට කැමැත්තක් නොමැති බව වටහා ගත්තා. විකීගේ පියා ඔහුව තාක්ෂණ අංශයෙන් ඉගෙනීමට යොමු කරනු ලබන්නේ ඔහුට ස්ථිර රැකියාවක් හිමිකර දීමේ අරමුණින්. නමුත් කෙසේ හෝ පියා රැකියාව කරන සිනමා කර්මාන්තය පිළිබඳව ආසක්ත වූ විකී අවසානයේ තම වෘත්තිය ලෙස රංගනය තෝරා ගත්තා.

ඔහු  කිෂෝර් නමිත් කපූර්ගේ රංගන ඇකඩමියේ රංගනය හැදෑරූ අතර මානව් කෞල්ගේ ආරණ්‍යා කණ්ඩායම සහ නසීරුදීන් ෂාගේ මොට්ලි ප්‍රොඩක්ෂන්ස් සමඟ නාට්‍යවලට සහභාගි වුණා. නිවේදනයේ පටන් වේදිකාවේ පිටුපස සිදුකරන සෑම කාර්යයකටම සහාය දැක්වූ විකී වසර දෙකක පමණ කාලයක් තිස්සේ විවිධ තිර පරීක්ෂණ සඳහා සහභාගී වූ නමුත් ඔහුට අවස්ථාවක් හිමිවූයේ නැහැ. ඔහුගේ පළමු රංගනය වූයේ 2011දී වේදිකාගත වූ Laal Pencil නම් වූ වේදිකා නාට්‍යයයි.

විකී සිය සිනමා ජීවිතය අරඹන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් වන අනුරාග් කාශ්‍යප්ගේ Gangs of Wasseypurහි සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමිනි. පසුකාලීනව විකී පැවැසුවේ අනුරාග් කාශ්‍යප් ඔහුගේ උපදේශකවරයා බවයි. කෙසේ වෙතත් මෙලෙස සිනමා කර්මාන්තයට පිවිසි විකී කෞශාල්ගේ දෛවය වෙනස් කරන සිනමා රංගනය වන්නේ Masaan චිත්‍රපටයයි. 2015දී ඔහු Masaan චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම ඔහුගේ ජීවිතය වෙනස් මාවතකට යොමු කරන්නක් විය.

මෙම චිත්‍රපටය වගේම එහි විකීගේ රංගනය ලොව පුරා වෙසෙන චිත්‍රපට විචාරකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා. ඒ වගේම එහි ඔහුගේ රංගනය සඳහා 2016 Screen award for best male debut ~ƒ Zee cine award for best male debut යන සම්මාන ද්විත්වය ලබා ගැනීමට සමත් වුණා. නමුත් එය ඔහුගේ පළමු වැනි චිත්‍රපටය නොවෙයි. ඔහු පළමුව රඟපාන්නේ සමීර් ශර්මාගේ Luv Shuv Tey Chicken Khurana චිත්‍රපටයේයි.

ඉන්පසුව ඔහු නැවතත් 2016දී අනුරාග් කාශ්‍යප් සමඟ සම්බන්ධ වෙමින් මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් වන Raman Raghav 2.0හි ප්‍රධාන චරිතය නිරූපණය කළා. ඉන්පසුව ඔහු තවත් සුවිශේෂී චිත්‍රපටයක් වූ Sanju හි සහාය නළුවාගේ චරිතය නිරූපණය කළ අතර එම රංගනය සඳහා  ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත්තා.

ඒ වගේම එම වසරේම නිකුත් වූ Raazi චිත්‍රපටය ද සාර්ථක ලෙස තිරගත වූ අතර මෙම චිත්‍රපට දෙකම විකීගේ ජනප්‍රියත්වය වැඩිදියුණු කිරීමට සමත් වුණා. එමෙන්ම අධ්‍යක්ෂවරුන් හතර දෙනකුගේ කෙටි චිත්‍රපට හතරක් ඇසුරෙන් නිපදවුණු Lust Storiesහිද විකීගේ රංගනය දැක ගැනීමට හැකියාව ලැබුණා. 2018 වසර විකීට වඩාත් සුබ වසරක් කරමින් අනුරාග් කාශ්‍යප්ගේ තවත් අපූරු චිත්‍රපටයක් වන Manmarziyaanහි ඔහු මෙතෙක් රඟපෑ චරිතයන්ට හාත්පසින් වෙනස් චරිතයක් නිරූපණය කළා.

2019දී තිරගත වූ Uri: The Surgical Strikeහි විකීගේ රංගනය ඔහුගේ ජනප්‍රියත්වය වැඩි කරන්නට සමත් වූවක් විය. එමෙන්ම එහි රංගනය සඳහා ඔහුට 2019 ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. 2020 වසරේදී Bhoot චිත්‍රපටයෙන් රිදී තිරය සැරසූ ඔහු නැවත අපට දැක ගන්නට ලැබුණේ 2021 නිකුත් වූ Sardar Udham චිත්‍රපටය හාරහායි. ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ සාමාජිකයකු වූ Udham Singhගේ චරිතය නිරූපණය කළ විකී එම රංගනය වෙනුවෙන් 2022 IIFA සම්මාන උළෙලේ සහ 2022 Filmfare සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා.

නොදන්නා කතා

විකී කියන්නේ තමන් රඟපාන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට විශාල කැපවීමක් කරන නළුවෙක් ලෙස හ¾දුන්වන්න පුළුවන්. ඔහු රඟපෑ සෑම චරිතයක් සඳහාම ඔහු ඉතාමත් හොඳ සූදානම් වීමක් සිදු කළා. ඒවා ගැන පැවැසුවොත්,

Masaan චිත්‍රපටයට සූදානම් වීම සඳහා විකී චිත්‍රපටයට පාදක වන වාරානසීහි කාලය ගත කරමින් එම ප්‍රදේශයේ වාසය කරන සාමාන්‍ය පිරිමින්ගේ ජීවන රටාව නිරීක්ෂණය කළා.

එමෙන්ම විකී Masaanහි රඟපෑමට ප්‍රථම රූගත කළ Zubaan නම් චිත්‍රපටය 2015දී Busan International Film Festivalහි තිරගත වුණා. එහි ඔහුගේ භූමිකාව වූයේ තම පියාගේ සියදිවි නසා ගැනීමෙන් පසු ගොත ගැසීමට පටන් ගන්නා ශෝකයට පත් පුතකුගේ භූමිකාවයි. මෙම චරිතයට අනුගත වීම සඳහා ඔහු ගොත ගැසීමේ රටා ඉගෙන ගැනීමට කථන චිකිත්සකයකු සමඟ වැඩ කළ අතර එම වෛද්‍යවරයාගේ සමහර රෝගීන් සමඟ ද කාලය ගත කළා. චිත්‍රපටයේ වැඩ නිම කිරීමෙන් පසුව විකීට එම චරිතයෙන් අෑත් වීමට අපහසු වූ අතර සැබෑ ජීවිතයේදී ගොත ගැසීමට  පටන් ගත්තා.

Raman Raghav 2.0 (2016) හි, චරිතයට අනුගත වීම සඳහා ඔහු දින පහක් හුදෙකලාවේ පිටපත නැවත නැවත කියවමින් සිටි අතර මේ නිසා ඔහු දැඩි ලෙස විජලනය වූ බව පැවැසෙනවා. එමෙන්ම එහිදී අධික ලෙස දුම්පානය කිරීම ඔහුගේ සෞඛ්‍යයටද බලපෑවා.

Uri: The Surgical Strikeහි රංගනය සඳහා සූදානම් වූ විකී ඒ සඳහා ඔහු මාංස පේශී වර්ධනය කර ගත්තා. එමෙන්ම මාස පහක හමුදා පුහුණුවක් සහ සටන් කලා පුහුණුවකටද සම්බන්ධ වුණා. එමෙන්ම Bhoot චිත්‍රපටය රූගත කිරීම අතරතුර ඔහු අනතුරකට ලක්වූ අතර ඔහුගේ මුහුණ තුවාල විය.

Sardar Udham චිත්‍රපටයේ වයස 19ක සිටි උදම් සිංගේ චරිතය නිරූපණ කිරීම සඳහා විකී සති දෙකක කාලයක් තුළ බර කිලෝග්‍රෑම් 15ක් අඩු කරගත්තා.

Bhoot චිත්‍රපටයේ රඟපෑවත් විකී කියන්නේ හොල්මන් චිත්‍රපට නරඹන්න බියක් දක්වන කෙනෙක්ලු. ඒ වගේම විකී වතුරෙහි ගිලීම පිළිබඳව අධික බියක් දක්වන කෙනෙක්. ඔහු කිහිපවතාවකදීම පිහිනීම උගන්වන පන්ති සඳහා සහභාගී වුවද ඒවා සාර්ථක වූයේ නැහැ.

සංගීතයට කැමැත්තක් දක්වන විකීට වීණා වාදනය කරන්නත් පුළුවන්. එමෙන්ම ඔහු වරක් පවසා තිබුණේ ඔහු රංගනය පිළිබඳ ආභාසය ලැබුවේ Nawazuddin Siddiqui සහ Hrithik Roshanගේ රංගනයන් දැකීමෙන් බවයි.

පෙම් සබඳතා

2018දී විකී ප්‍රථම වරට නිළි Harleen Sethi සමඟ පෙම් සම්බන්ධතාවක් පවත්වා තිබුණා. කෙසේ වුවත් ඔවුන්ගේ වෙන්වීම 2019 මුලදී මාධ්‍ය විසින් වාර්තා කළා. ඉන්පසුව විකී කෞෂාල් හින්දි නිළි කත්‍රිනා කයිෆ් සමඟ ආලයෙන් බැ¾දුණු අතර ඔවුන් දෙදෙනා 2021 දෙසැම්බර් 9 වැනි දින රාජස්තානයේ සවායි මධෝපූර්හි, ෆෝට් බාර්වාරාහි ‘සික්ස් සෙන්ස් රිසෝට්’ හිදී සාම්ප්‍රදායික හින්දු උත්සවයක් පවත්වමින් විවාහප්‍රාප්ත වුණා.

සමාජ සේවා සහ වෙනත් වැඩ

විකී ලොව ප්‍රකට සන්නාම නාම කිහිපයක තානාපති ලෙස කටයුතු කරනවා. ඔහු එම එක් වෙළෙඳ නාමයක් සඳහා වාර්ෂිකව ඉන්දීය රුපියල් මිලියන 20ක් පමණ අයකරන බව පැවැසෙනවා.

ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පරිසර, වන හා දේශගුණික විපර්යාස අමාත්‍යාංශය විසින් සංවිධානය කළ වායු දූෂණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා නිෂ්පාදනය කරන ලද සංගීත වීඩියෝවක පෙනී සිටියා.

ඔහු 2018දී, මුම්බායිහි පාරිසරික සහ යටිතල පහසුකම් ගැටලුවලට උපකාර කිරීම සඳහා වන Radio City වැඩසටහන සඳහා ඔහුගේ සහාය සහ ශ්‍රමය ලබා දුන්නා.

2017 වසරේදී “Just For Kicks” නමින් අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් ළමයින් සඳහා වූ පාපන්දු පුහුණු වැඩසටහනක් සඳහා විකී තම සහාය ලබා දුන්නා.

2020දී ඉන්දියාවේ COVID-19 වසංගතය අතරතුර, ඔහු PM CARES අරමුදලට සහ මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍යවරයාගේ සහන අරමුදලට ඉන්දීය රුපියල් කෝටි 1ක් පරිත්‍යාග කළා. එමෙන්ම දෛනික වැටුප් කම්කරුවන්ට සලාක භාණ්ඩ ලබාදීම වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා GiveIndia NGO සමඟ සහයෝගයෙන් කටයුතු කළා.

2021දී කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලෙන් මූල්‍යමය වශයෙන් බලපෑමට ලක්වූ කලාකරුවන්ට උපකාර කිරීම සඳහා කෞෂාල් සිනමා සහ රූපවාහිනි කලාකරුවන්ගේ සංගමය (CINTAA) වෙත රුපියල් ලක්ෂ 2.5ක්ද පරිත්‍යාග කළා.

විකී කෞෂාල් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි 2018 වසරේ රටේ වඩාත්ම කැමැති මිනිසුන් ලැයිස්තුවේ ඉහළින්ම සිටියා. 2019 මෙන්ම 2020දී එම ලැයිස්තුවේ අංක 4 ස්ථානයට ඔහු පත්වුණා. 2018දී Forbes India විසින් ඔහුව ඔවුන්ගේ ‘30 under 30’ ලැයිස්තුව තුළ මෙන්ම ඔවුන්ගේ ‘Tycoons of Tomorrow’ ලැයිස්තුව තුළද සිටි තරුවක් ලෙස නම් කළා. Google සෙවීම්වලට අනුව, 2019 වසරේ ඉන්දියාවේ වැඩිපුරම සෙවූ චිත්‍රපට නළුවා වූයේද විකීය.

කුශාන්ති අනුරාධා බණ්ඩාර